ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානයේ සහය ගෝඨාභයට !

 ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානයේ සහය ගෝඨාභයට !

ශ්‍රී ලංකා තවුහීද් ජමාත්” සංවිධාන මෙවර ජනධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ හට සහය ලබා දීමට තීරණය කර ඇතැයි එම සංවිධානයේ නායක අබ්දුල් රාසික් පවසයි.

මෙහිදි අබ්දුල් රාසික් විශේෂ ප්‍රකශයක් කරමින් කියා සිටින්නේ මුස්ලීම් ප්‍රජාව වෙත පසු ගිය වකවානුවේ එල්ලවු තර්ජන හමුවෙ සජිත් ප්‍රේමදාස නිහඩ පිළිවෙතක් අනුගමනය කල බවත් එම අවස්ථාවේ රටේ සමස්ථ මුස්ලීම් ජනයාගේ ආරක්ෂාව හා ස්වාධීනත්වය වෙනුවෙන් ගෝඨභය රාජපක්ෂ මහතා පෙනි සිටි බවය.

පසුගිය දිනෙක කොළඹ ප්‍රදේශයේ වෙදිකාවක් මතට නැගුණු අබ්දුල් රාසික් විවෘත වේදිකාවේ පවසා සිටියේ බුදුන් වහන්සේ මිනි මස් ආහරයට ගත් බවත්, බුදුන් වහන්සේ මිලේච්චයෙක් බවත්ය. මෙම ප්‍රකාශයෙන් පසු සිංහල බෞද්ධ සමාජයෙන් දැඩි විරෝධයක් අබ්දුල් රාසික් ප්‍රමුක ඔහුගේ සංවිධානයට එල්ල වූ අතර එ පිලිබද පැමිණිලි ආරක්ශක අංශ වෙත ගලා එන්නටද විය.ආරක්ෂක අංශ සහ සිංහල ජන සමජයේ බුද්ධිමතුන් මැදිහත් නොවන්නට අබ්දුල් රාසික්ගේ මෙම ප්‍රකාශය මෙරට මුස්ලීම් සිංහල මහ කල කෝලහාලයකට මූල බීජයක් වන්නට තිබුනි.

මෙම වර්ෂයේ අප්‍රේල් මසදි දවුලගල පොලිසියට ලද තොරතුරක් මත 122/D/04 දවුලගල හන්දෙස්ස වහුංකොහ ප්‍රදේශයේ “ශ්‍රී ලංකා තවුහීද් ජමාත්” සංවිධානයට අයත් ගොඩනැගිල්ලක් සෝදිසි කිරීමේදී පෙට්‍රල් බෝම්බ 6 හමුවි ඇති අතර එම කාර්‍යාලය භාරව සිටි පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුවත colombotoday වෙබ් අඩවිය වාර්ථා කර තිබු අයුරු පහත දැක්වෙයි.( http://www.colombotoday.com/sri-lanka-thawuhid-jamath-abdul-rasiq-2019-4-28/ )

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරිමට පිහිටුවන ලද විශේෂ කමිටුව හමුවටද අබ්දු රාසික් කැදවනු ලැබු අතර විශේෂයෙන්ම එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකාගෙන් ඔහු වෙත දැඩි අවවාද කිරිම් දක්නට ලැබුනි.

(ලංකාඩී නිව්ස්.නෙට් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න