හිස්බුල්ලා දැම්මේ බැසිල් : එස්.බී. දිසානායක තහවුරු කරයි !

හිස්බුල්ලා දැම්මේ බැසිල් : එස්.බී. දිසානායක තහවුරු කරයි !
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර  MLAM හිස්බුල්ලා මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ බව තහවුරු වෙයි.
 
මේ බව තහවුරු කර සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක විසින්ය.
 
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ නැගෙනහිර හිස්බුල්ලා ගත්ත ජන්ද ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබෙන බවත් තමන් ඒ සම්බන්ධව හිස්බුල්ලා සමග සාකච්ඡා කළ බවත්ය.
 
එසේම හිස්බුල්ලා යනු මහා හොරකමක් සිදුකළ අයෙකු නොවන බවත් ඔහු සිදුකර ඇත්තේ විදේශ රටකින් ලැබුණු මුදල් ටිකකින් විශ්ව විද්‍යාලයක් හදාගැනීම බවත් මෙහිදී මන්ත්‍රීවරයා පැවසීය.
 
එසේම උතුරින් ඩග්ලස් දේවානන්ද ලබාගත් ජන්ද , අතාවුල්ලා ලබාගත් ජන්ද මෙන්ම තොණ්ඩමන් ලබාගත් ජන්ද ද එකතු වන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙත බවත් එස්.බී මන්ත්‍රීවරයා සදහන් කරයි.
 
සහය ගෝඨාට නිසා හිස්බුල්ලා  දැන් හොඳයි ?
 
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මුස්ලීම් ශරීයා නීතිය ව්‍යාප්ත කරන අතර ඒ සඳහා නැගෙනහිර පළාතේ පිහිටුවා තිබෙන ඔහුගේ පෞද්ගලික විශ්ව විද්‍යාලය යොදාගෙන සිටින බව කියමින් පසුගිය සමයේ රට ගිනිතබන ප්‍රකාශ සිදුකළේ ද පොදුජන පෙරමුණ නියෝජිතයන් ය. 
 
එසේම හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා අන්තවාදීන් වෙනුවෙන් මුදල් වියදම් කරමින් අන්තවාදී සංවිධාන වලට ත්‍රස්තවාදී කටයුතු දියත් කිරීමට සහය දක්වන්නෙකු කීවේද ඔවුන්ය.
 
නමුත් දැන් ඔහු එක්වරම අන්තවාදියකු නොවන අයෙකු බව සඳහන් කරයි. ඒ හිස්බුල්ලා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ වෙත සහය පළකර ඇති නිසාය.
 
රාජපක්ෂ බල තණ්හාව සහ ව්‍යාජ දේශප්‍රේමය !
 
මේ අනූව පැහැදිලි වන්නේ දකුණේ සමාජය මුස්ලිම් සියල්ලන් ත්‍රස්තවාදීන් බව දක්වමින් පොදුජන පෙරමුණ ඇතුළු ඔවුන්ට සහය දෙන පක්ෂ ගෙනගිය ප්‍රචාරය මුලුමනින්ම රාජපක්ෂ  බල ව්‍යාපෘතිය වෙනුවෙන් සිංහල ජනතාව නොමග යැවීමේ ප්‍රෝඩාවක් වන බවයි.
 
පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලීම් නායකයන් ගේ නම් සහ ජායාරූප ඇතුලත් බැනර් රටපුරා  ප්‍රදර්ශනය කරමින් ඔවුන්ගේ සහය ලබාගෙන යලිත් ගමට එන්න එපා කියා  ජනතාව ඇන්දූ හැටිත් මෙහිදී සිහිපත් කළ යුතුය.
 
ගෝඨාභය නෙවෙයි ප්‍රෝඩාභය : මංගල කිව්වා හරි නේද !
 
ජාතික ආරක්ෂාව කියාගෙන පාස්කු ප්‍රහාරයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ තබාගෙන පොදුජන පෙරමුණ නැටූ නාඩගම  මුදල් අමාත්‍ය මංගල සමරවීර හඳුන්වන්න කටයුතු කලේ ප්‍රෝඩාභය කියාය.
 
ඒ හැදින්වීම මේ වන විට ඉතා නිවැරැදි බව මේ හරහා යළිත් වරක් තහවුරු වෙයි. හිස්බුල්ලා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ බවට නිව්ස් ටියුබ් පළමුව සිදුකළ අනාවරණය පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න