හිස්බුල්ලා එව්වේ බැසිල් : විශ්වවිද්‍යාලය දෙන්නත් පොරොන්දු වෙලා !

හිස්බුල්ලා එව්වේ බැසිල් : විශ්වවිද්‍යාලය දෙන්නත් පොරොන්දු වෙලා !

නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තීන්දු කර ඇත්තේ, පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ බලවත් ඉල්ලීම මත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින්  වාර්තාවේ.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබීමට නියමිත නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ ඡන්ද හිස්බුල්ලා ලවා යම් පමණකින් හෝ කැඩීම බැසිල් රාජපක්ෂගේ අරමුණ වී ඇතැයි ද පැවසේ.

බැසිල් රාජපක්ෂ විසින් හිස්බුල්ලා සමග නැගෙනහිර පළාතේ මැතිවරණ කටයුතු මෙහෙයවීම 'ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින 'ඩමී' අපේක්ෂකයකු වන ජවිපෙ හිටපු මන්ත්‍රී සිරිපාල අමරසිංහ වෙත පවරා ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි. 

වැඩිදුරටත්  වාර්තාවන පරිදි බැසිල් රාජපක්ෂ විසින් හිස්බුල්ලාව මෙවැනි පියවරකට එකඟ කරවාගෙන ඇත්තේ,  ඔහු විසින් ඉඳිකරමින් පවතින නැගෙනහිර පෞද්ගලික විශ්ව විද්‍යාලයට ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති වූ වහාම අනුමැතිය ලබා දෙන බවට පොරොන්දු වෙමිනි.

කෙසේවුවද මෙම සරසවියට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කළ පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මේවනවිට ගෝඨාබය රාජපක්ෂය සහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න