පක්ෂය දෙකඩ කල රාජපක්ෂලා පරදවනවා : ශ්‍රීලනිප බිම් මට්ටමේ තීන්දු කර අවසන් !

පක්ෂය දෙකඩ කල රාජපක්ෂලා පරදවනවා : ශ්‍රීලනිප බිම් මට්ටමේ තීන්දු කර අවසන් !

ජනාධිපතිවරණදී පොහොට්ටු පක්ෂයේ අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ දිනවීම සඳහා එම පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සන්ධානගතව දින කිහිපයක් තුල පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අනුව ශ්‍රීලනිප පාක්ෂිකයින් පොහොට්ටුවට එරෙහිව සන්ධානය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සුවිශේෂී කාරණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු පෞද්ගලික ලේකම් නීතිඥ රජිත්  කොඩිතුවක්කු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ප්‍රධානියකු වන නීතිඥ කොඩිතුවක්කු එබව සඳහන් කළේ ඊයේ (11) පැවති ඇල්පිටිය ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් කළ විමසීමකදීය. 

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

''මේ ප්‍රතිපලය ඉතාමත් පැහැදිලියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඔවුන්ගේ තනතුරු වරප්‍රසාද වෙනුවෙන් පක්ෂය පවා දුන්නාට පාක්ෂිකයින් ශ්‍රීලනිපය අතහැරලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශකල පොහොට්ටු පක්ෂයට ඔවුන්ගේ විරෝධය පලකරලා තියන්නේ සන්ධානය පරදිනවා කියලා දැනදැනත් සන්ධානයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන්.

ඇත්තටම මේ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂය ලබාගෙන තියන්න ඡන්ද ප්‍රතිශතය සියයට 56.31% ක් පමණයි. මහින්ද රාජපක්ෂ මහත්තයා පසුගිය 2015 ජනාධිපතිවරණයේදී බෙන්තර-ඇල්පිටිය ආසනයෙන් සියයට 59.08% ගත්තා. ඒ අනුව මෙවර යම් පසුබෑමක් තියනවා.

මේ මොහොත ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ එක්වීමත් සමග පොහොට්ටුව කිසියම් මට්ටමකින් ඉදිරියට පැමිණ තිබෙන මොහොතක්. එවැනි තත්වයක් තුල පවා ගම්මට්ටමේ ශ්‍රී ලංකා පාක්ෂිකයින් පොහොට්ටුව ප්‍රතික්ෂේප කරලා තියනවා.  දැන් තමන් බලාපොරොත්තුවූ සියයට 65 ඉලක්කයට යාගන්න බැරිවුන නිසා සන්ධානයට ලැබුන ඡන්දත් තමන්ගේ ගොඩට දාගෙන ජනතාව මුලාකරන්න පොහොට්ටුවේ නායකයින් උත්සහ කරනවා.

මන්ත්‍රීවරු පවාදුන්නට ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයා වෙනස්වෙලා නැහැ. ඔවුන් ඇල්පිටියේදී එබව පෙන්නුවා. අපි පැහැදිලිව කියනවා,  ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වන අපි මෙදා ජනාධිපතිවරණයේදී 'පොහොට්ටුවට' නිසි පාඩමක් උගන්නනවා. ගෝඨාබයට දිනන්නනම් ඉඩතියන්නේ නැහැ ..''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න