ශ්‍රීලනිපය රකින සටනට: තවත් පිරිස් එක්වෙති !

ශ්‍රීලනිපය රකින සටනට: තවත් පිරිස් එක්වෙති !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහය දැක්වීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධව පක්ෂ අභ්‍යන්තරයේ බරපතළ විරෝධයක් මතුව තිබේ.
 
ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ වසර 70 ක් පැරණි ප්‍රෞඩ පක්ෂයක් දෙකඩ කළ රාජපක්ෂ පවුලේ සාමාජිකයකු යළිත් ජනාධිපති කිරීමට සහය දැක්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය වන බැවින් වහාම එම ප්‍රයත්නය පරාජයට පත්කළ යුතු බවයි.
 
ඒ වෙනුවෙන් මෙවර ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂව පරාජය කිරීමට උපරිම දායකත්වය ලබාදීමටද ඔවුන් තීරණය කර තිබෙයි.
 
ඒ අනුව අද රැස්වී ඇති හිටපු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් ඒ වෙනුවෙන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය සමඟ එක්ව සිටියි.
 
මෙම සංවිධානයේ සභාපති ලෙස  සංජය සිරිවර්ධන කටයුතු කරන අතර එහි ලේකම් ලෙස කටයුතු කරන්නේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනතුරේ වැටුණු බොහෝ අවස්ථාවල එය  රැකගැනීමට ඉදිරිපත්වූ  තුසිත හල්ලොළුව ය.
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න