ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 5 ක් : සජිත්ට සහය දෙන්න සූදානම් !

ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 5 ක් : සජිත්ට සහය දෙන්න සූදානම් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම සඳහා එකතු වීමට සූදානම් වන බව විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ 'ජාතික නිදහස් පෙරමුණ' විසින් පවත්වාගෙන යන Lanka Lead Newsවෙබ් අඩවිය වාර්තා කරයි.

එම වෙබ් අඩවියේ වාර්තාවට අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට හිතවත්කමක් දක්වන මෙම මන්ත්‍රීවරුන් සජිත් පාර්ශ්වයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් දෙදෙනකු සමග සාකච්ඡා පවත්වා ඇත.

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර එම මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 25කට අධික මුදලක් සහ කැබිනට් ඇමැති ධුර ලබාදීමටද පොරොන්දු වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රීලනිප මන්ත්‍රී කෝටි 40කට විකිණෙයි!

මේ අතර ගෝඨාබය රාජපක්ෂගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ උපදේශකයකු විසින් පවත්වාගෙන යන Emanisa වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් එකම පාර්ලිමේන්තු කාල සීමාවක් තුළ දෙවරක් පාර්ලිමේන්තු ගිය තරුණ මන්ත්‍රීවරයා එජාපයට රු. කෝටි 40කට විකිණී ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී ඔහු සජිත් ප්‍රේමදාසට සහාය දක්වනු ඇති අතර එළඹෙන මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සහ කැබිනට් ඇමති ධුරයක් ලබා දීමට මෙම ගනුදෙනුවට මැදිහත් වූ එජාප ප්‍රබලයා මාර්ගයෙන් එජාපය පොරොන්දු වී ඇතැයි ද එම වෙබ් පුවතේ වැඩිදුරටත් සඳහන්වේ.

1570895480 Fizer L

මේ අතර ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා පැවසුයේ, බහුතර සිංහල ජනතාව සිටින ආණ්ඩුවකට සුළු ජාතිකයින් සහාය දැක්විය යුතු බවයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ඊයේ (12) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් හමුවේදීය.

සිංහල බහුතරයක් සිටින ආණ්ඩුවකට සුළු ජාතිකයින් සහයෝගය දෙන්නේ නම් එම ආණ්ඩුව ඉතාමත් ශක්තිමත් බව පැවසු මන්ත්‍රීවරයා, වැඩිදුරටත් පවසා සිටියේ, සිංහල ජනතාව කොහෙ සිටින්නේ දැයි බැලිය යුතු බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න