මහා නින්දාවක් : ගෝඨාගේ ඇහැලියගොඩ රැලියේදී ජෝන්ටත් නොනවතින හූවක් !

මහා නින්දාවක් : ගෝඨාගේ ඇහැලියගොඩ රැලියේදී ජෝන්ටත් නොනවතින හූවක් !
 පාර්ලිමේන්තු  ඩබ්ලියු.ඩී.ජේ. සෙනවිරත්නට ඇහැළියගොඩ පැවති පොදුජන පෙරමුණු රැළියේදී සිය කතාව පැවැත්වීමට නොහැකිවන අන්දමින් රැස්ව සිටි පිරිස "හූ".. කියා ඇත.
 
එබැවින් ඔහුට සිය කතාව සිදුකිරීමට නොහැකිවී ඇති අතර අවම වශයෙන් කතාව ආරම්භයේ දී සභාවෙන් අවසර ගැනීමවත් නිසිලෙස කරන්නට අවස්ථාව හිමිවූයේ නැත.
 
මෙහිදී හූ කියූ පාර්ශව ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයාට චෝදනා කළේ යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් ගත් පාවාදෙන්නෙකු වශයෙනි. රාජපක්ෂලාව කෑවා.. මූ එපා.. පලයං .. ගන්න එපෝ.. ආදී අවලාද පමණක් නොව මෙහි සඳහන් කළ නොහැකි පරුෂ වචන පවා එහිදී යොදාගෙන තිබිණ.
 
වාසුට පවිත්‍රාට අත්පොලසන් !
 
මෙහිදී දකින්නට ලැබුණු විශේෂ සිදුවීමක් වූයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ට සහය දක්වන්න පැමිණ සිටි මන්ත්‍රී ජෝන්ට  වචනයක් කියන්න නොදී හූ කියන පාක්ෂිකයන් සංසුන් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඉදිරිපත් වූ විට ඔහුට ජයවේවා කියන්න ගැනීමය.
 
එහිදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කිව්වේ "අපි ගත්ත තීරණයක් අනූව ශ්‍රිලනිප සහය ගෝඨාභය රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරය ට ලැබෙන බැවින්  මේ සභාව ඇමතීම ඒ අනූව සිදුවන්නක්" බවය.
 
මේ අවස්ථාව තවත් නාට්‍යානුසාරී කළේ එහි සිටි පවිත්‍රා දේවී වන්නිආරච්චි මන්ත්‍රීවරියත් පැමිණ එවැනි ප්‍රකාශයක් සිදුකිරීම ය. එහිදි ද පාක්ෂිකයන් ජය ඝෝෂා නැගූ අතර යළිත් ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයා සභාව ඇමතීමට සූදානම් වන විට හූ කියමින් බාධා කරන්න විය.
 
සැලසුම් සහගත වැඩක් !
 
මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රිලනිප ප්‍රකාශකයකු සදහන් කර සිටියේ පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහය දැක්වීමට වේදිකාවට ගොඩවන ශ්‍රිලනිප ප්‍රබලයන් නින්දාවට පත්කිරීම පොදුජන පෙරමුණේ සැලසුමක් අනූව සිදුවන්නක් බවයි.
 
 පසුගියදා ගෝඨාභය රාජපක්ෂගේ අනුරාධපුර පැවති මංගල රැලිය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකද මේ ඉරණමට මුහුණ දුන්නේය.
 
ඉදිරියේ දී ද මේ තත්ත්වය ඇතීවීමේ අවධානම තිබෙන බවත් මේ සූදානම් වන්නේ ශ්‍රිලනිප සහය ජනාධිපතිවරණය සඳහා පමණක් ලබාගෙන ශ්‍රිලනිප මහමැතිවරණයේ දී යනඑන මං නැති කිරීමේ උපායක් බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න