මෛත්‍රීගේ නිර්පාක්ෂිකවීම ඇස්බැන්දුමක් !

මෛත්‍රීගේ නිර්පාක්ෂිකවීම ඇස්බැන්දුමක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ නායකත්වයෙන් තාවකාලිකව ඉවත්වුණා යැයි ප්‍රකාශ කිරීම ඇස්බැන්දුමක් පමණක් බව එම පක්ෂයේ සිට පොදුජන පෙරමුණයට එකතුවූ හිටපු අමාත්‍යවරයෙක් ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා පක්ෂ සභාපතිත්වයෙන් තාවකාලිකව ඉවත්වී එහි වැඩ ආවරණය කිරීමට මහචාර්යවරයකු පත්කලද ජනාධිපතිවරණය අවසන් වූ පසුව පාර්ලිමේන්තු  මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නව මැතිවරණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද වාර්තා වෙයි. එම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් විශාල වියදමක් කිරීමට සැලසුම් කර ඇත.

ශ්‍රීලනිපය සමඟ එකතුවීම පිළිබඳව පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන්ද බරපතළ විරෝධයක් පාමින් සිටින බව ප්‍රකාශ කර එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම තත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ට ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාවට ගොඩවීම ඉදිරියේදී දුෂ්කරවුනු ඇති බවය.

ඒ අනුව ශ්‍රීලනිපයේ සිටිමින් පසුගිය කාලයේදී එජාපය සමග ළඟින් වැඩකළ  බොහෝ දෙනෙකුට පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩවීම, දෙපාර්ශවයේ ඉහළ එකඟතාවක් මත අහිමිවනු ඇති බවද ඔහු විශ්වාසය පළකළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න