ඇවන්ගාඩ් නිශ්ශංක අත්අඩංගුවට !

ඇවන්ගාඩ් නිශ්ශංක අත්අඩංගුවට !

අද (17) උදැසන සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ පසු, ලබන නොවැම්බර් මස 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබිය.

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලැබූ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට නිශ්ශංක සේනාධිපති ඉදිරිපත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

එහිදී ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇප ඉල්ලා සිටිය අතර එම ඇප අයැදුම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය.

මෙම නඩුව ධම්මික ගනේපොල ආදිත්‍ය පටබැදි හා මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ විභාග කෙරිණ.

----------------------------------

සිංගප්පූරුවේ ප්‍රතිකාරර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් මෙරිටයිම්ස් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) අලුයම කටුනායකද ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඇවන්ගාඩ් නඩුවට අදාළව විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණයට සැකකරු අද (17) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වාර්තා වන ආකාරයට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ විදෙස් ගමන් තහනම් නියෝගයක් කඩ කිරීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න