මෛත්‍රීගෙන් තවත් 'සප්‍රයිස්' එකක් : වාර්තා 3ක් සමග යළි කරළියට!

මෛත්‍රීගෙන් තවත් 'සප්‍රයිස්' එකක් : වාර්තා 3ක් සමග යළි කරළියට!

තමාට භාර දී ඇති ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තා 03ක තොරතුරු සමගින් මෙවර ජනාධිපතිවරණයට කිසියම් බලපෑම් සහගත ක්‍රියාවලියක නිරතවීමට, ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. 

විශේෂයෙන්ම ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ, රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවූ 'බරපතල වංචා දූෂණ විර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව, මහ බැංකු බැඳුම්කර වංචාව සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ 2015-2018 සමයේ රාජ්‍ය ආයතනවල වංචා දූණෂ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තා ද ජනාධිපතිවරයා සතුව තිබේ.

ඔහු මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ තමන් රටේ ජනාධිපතිවරයා ලෙස සහ පොලිසිය හා හමුදාව භාර අමාත්‍යවරයා‌ ලෙස ජනාධිපතිවරණයේදී ස්වාධීනව කටයුතු කරන බවය. 

ඒ අනුව ජනාධිපතිවරණය අවසන්වන තෙක් ශ්‍රීලනිපයේ සභාපතිධූරයේ රාජකාරි ආවරණය කිරීමට එම පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත ද පැවරීය.

කෙසේවුවද අද (18) පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වීමට ජනාධිපතිවරයා ද එක්වීමට නියමිතව ඇතැයි පැවසේ.

(උපුටා ගැනීම -රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න