ගෝඨා කොඩිවිණයක් බව ස්ථීරයි : හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් තහවුරුයි !

ගෝඨා කොඩිවිණයක් බව ස්ථීරයි : හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් තහවුරුයි !

ප්‍රකාශ පැරණි වුවත් වත්මන් යුද හමුදාපතිවරයාගේ නිල නාමය සහ තනතුර දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා  යොදා ගැනීම කණගාටුවකට කරුණක් බවත්, එය කිසිදු යහපත් දේශපාලන සංස්කෘතියට අනුගත නොවන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පවසයි.

එසේම පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක දැන්වීමක් වෙනුවෙන් අදාල ප්‍රකාශය යොදාගෙන ඇත්තේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ කිසිදු අනුදැනුමකින් තොරව බවත් ඔහු පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේ බව සදහන් කර ඇත්තේ රාවය පුවත්පත සිදුකළ විමසීමකදී ප්‍රතිචාර දක්වමින්ය.

අදාල රාවය පුවත පහත දැක්වෙයි.

පොජපෙ දැන්වීම් ගැන ප්‍රතිචාර අවශ්‍ය නැහැ -හමුදා ප්‍රකාශක 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එම පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා පුවත්පත් 5කට වඩා වැඩි ගණනක වත්මන් යුද හමුදාපති බ්‍රිගේඩියර්වරයෙකු ලෙස සිටි 2009 වර්ෂයේ සිදුකළ අදහස් පළ කිරීමක් යොදා ගැනීම සම්බන්ධව වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ඒ පිළිබඳ රාවය සිදුකළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු රාවයට පැවසීය. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම පුවත්පත් දැන්වීම්වල එම ප්‍රකාශය යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයෙන් උපුටා ගත් බව සඳහන් වීම සහ එවකට ඔහු යුද හමුදාපතිව නොසිටි බැවින් එවැනි අවශ්‍යතාවක් පැන නොනගින බවයි. කෙසේ වෙතත් එම අදහස පළකිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හමුදාපතිවරයාගෙන් කිසිදු විමසීමක් නොකළ බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් පසුගිය බදාදා (16) මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ මේ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කරන ඇති බවත්, එම ප්‍රකාශය යොදා ගැනීම සම්බන්ධව ජනාධිපති ලේකම්වරයාටත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාටත් කරුණු දක්වන ලෙස ලිපි යවා ඇති බවත්ය.

එසේම මේ ප්‍රකාශ පැරණි වුවත් වත්මන් යුද හමුදාපතිවරයාගේ නිල නාමය සහ තනතුර යොදා ගැනීම කණගාටුවකට කරුණක් බවත්, එය කිසිදු යහපත් දේශපාලන සංස්කෘතියට අනුගත නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

රජයේ මාණ්ඩලික නිලධාරියෙකුගේ අනුදැනුම ඇතිව හෝ නැතිව ඔහුගේ ප්‍රකාශයන් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිෂන් සභා පනත උල්ලංඝණය කර ඇති බව අප කළ විමසීමකදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මංජුල ගජනායක පැවසිය.

(රාවය)

ගෝඨාභය කොඩිවිණයක් බව තහවුරුයි !

එයින් පෙන්නුම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ සමයක මූලික නීති පවා ආරක්ෂා කිරීමට කැපනොවූ අයෙකු බවයි.  රටේ විනය හැදීමක් ගැන ඔහු  කරන ප්‍රකාශ මුලුමනින්ම ප්‍රෝඩාවක් බවත් භාවිතය තුළ ඔප්පු කර ඇති බැවින් එවැනි පාලනයක් වැරදීමකින් හෝ ඇතිවුවහොත් එය රටට කොඩිවිණයක් මිස අනෙකක් නොවන බවත් අමුතුවෙන් කිවයුතු නොවෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න