සිංහල දෙමළ මුස්ලීම් අන්තවාදීන් සියල්ලන්ම ගෝඨාභය ළඟ !

සිංහල දෙමළ මුස්ලීම් අන්තවාදීන් සියල්ලන්ම ගෝඨාභය ළඟ !

ගෝඨාභය රාජපක්ෂගේ කදවුරේ කථිකයන් කිහිප දෙනෙකු වේදිකාවේ අන්තවාදය වපුරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලි සිටින බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමීර පෙරේරා පැවසිය.

ඔහු ඒබැව් කියා සිටියේ අද (21) හැටන් නගරයේ පැවති මාධ්‍යය හමුවේදිය.

එහිදී චමීර පෙරේරා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂගේ කදවුර මේ රටේ ජාති වාදය, ආගම්වාදය අවුස්සන ආකාරයට ඔවුන්ගේ වේදිකාවේ කථිකයන් වන විමල් විරවංශ, උදය ගම්මපිලම වැනි අය යෙදි සිටිනවා.

ජන්දයක් වෙනුවෙන් මේ ජනතාව අතර ගැටළු ඇති කිරිම , බේද ඇති කිරිම , බරපතල ප්‍රශ්නයක්.විමල් විරවංශ ගෝඨාභය රාජපක්ෂ කදවුරේ  ජාති වාදය , ආගම් වාදය , අන්තවාදය අවුලන ප්‍රධානතම පුද්ගලයා වෙමින් පහුගිය දවසක යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කර ගනිමින් ගුවන් තොටුපල ගැන ලියලා තියෙන පුවරුව මුලින්ම දමිල භාෂාවෙන් ලියලා තියෙනවා කියලා බරපතල ලෙස ජාතිවදය අවුස්සන ආකාරයට කතා කරලා තිබ්බා.

මේක ගොබ්බ ජාති වාදයක් , මහින්ද රාජපක්ෂ වගේ අවුරුදු 40 දේශපාලනය කරපු කෙනෙක්ට තේරෙන්න ඕනි මේ ගොබ්බ ජාති වාදින් මේ රටේ ජාති වාදය අවුස්සන ආකාරය , මේක ඒ  අයගේ දේශපාලන ගමනටම බරපතල ප්‍රශ්නයක්.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න