'ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම ඡන්ද ගුන්ඩුවක්' - අනුර

'ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම ඡන්ද ගුන්ඩුවක්' - අනුර

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ ඡන්දය ඉලක්ක කර කලින් එළන ලද තිරපිටපතක් අනුව බවත්, මැතිවරණය සමයේ සිරගෙට දක්කන මෙවැනි ඡන්ද ගුණ්ඩුවලට මෙවර ඉඩ නොදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, උදයංග වීරතුංග පමණක් නොව ඉදිරි දින දෙක, තුන තුළ තවත් නොහිතන පුද්ගලයන් කිහිප දෙනෙක් සිර භාරයට ගැනීමේ ඡන්ද ගුණ්ඩු ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසූ මන්ත්‍රිවරයා, එවැනි ආන්දෝලන සිදුවීම්වලට හසු නොවී තම ඡන්දය නිවැරැදිව භාවිත කරන ලෙස රටේ සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

විශේෂයෙන්ම පෙබරවාරි 10ට පෙර හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාව එජාප උප නායකකමින් ඉවත් කිරීමට ගත් තීන්දුවද එවැනි උපක්‍රමයක් බවත් හෙතෙම පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න