Language Switcher

V2025

මහ බැංකු අධිපති ස්වර්ණවාහිනිය මැලේෂියානු සමාගමකට විකුණයි - පාඩුව කෝටි 20යි !

මෙරට ප්‍ර‍මුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සහ ඊ.ඒ.පී. සමූහයට අයත් අනෙකුත් ආයතන වන ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගම, ඊ.ඒ.පී. චිත්‍රපට සමාගම, හෝටල් ව්‍යාපාරය, ස්වර්ණමහල් හා ස්වර්ණමහල් ෆිනෑන්ස් සමගම ඉහළ මිලකට මිලදී ගැනීමට දේශීය සමාගම් කීපයක් ඉදිරිපත් වී සිටියදී මැලේෂියානු සමාගමකට ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා අනුමැතිය දී ඇතැයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සුදීර් ජයරාම් නමැති ව්‍යාපාරිකයකුට අයත් සිංගප්පුරුවේ ලියාපදිංචි Straits Grid Pte. Ltd. නමැති සමාගමට මෙසේ කුණු කොල්ලයට විකිණීමට ශ්‍රී ලංකා මහාබැංකුව තීන්දු කර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

සුදීර් ජයරාම් නැමැත්තා පසුගිය කාලයේ සිදු වූ මූල්‍ය වංචාවන් ගණනාවක් සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයෙකි.

මොහු කොළඹ ආශා සෙන්ට්‍රල් රෝහලට අයත් ඉඩමක් මිලදී ගැනීම සඳහා අත්තිකාරම් ගෙවීමට මුදල් ලබාගත් ආකාරය පිළිබඳත් මෙරට තවත් බොහෝ දේපළ මිලදී ගැනීම වෙනුවෙන් අත්තිකාරම් ගෙවූ ආකරය පිළිබඳත් හෙළි කිරීමට අදටත් නොහැකි වී ඇත.

එමෙන්ම රුපියල් මිලියන 31.8ක් වටිනා විදෙස් මුදල් ශ්‍රී ලංකාවෙන් පිටමං කිරීමට සූදානම් වෙද්දී මොහු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල රේගුවේ අත්අඩංගුවටද පත් වූ අතර මේ වෙනවිට මොහුට විරුද්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසය ද (FCID) විමර්ශනයක් ආරම්භකර ඇත.

 වීඩියෝ 

ස්වර්ණවාහිනිය ඇතුළු ඊඒපී සමූහයේ ව්‍යාපාර ජාලය මිලදී ගැනීමට සූදීර් ජයරාම් නැමැත්තා රුපියල් බිලියන 9.1ක ලන්සුවක් දී ඇති අතර දේශීය සමාගමක් රුපියල් බිලියන 9.3කට එය මිලදී ගැනීමට කැමැත්ත ඵල කර ඇත.

එය සුදීර් ගේ ලන්සුවට වඩා රුපියල් කෝටි 20කටත් වැඩි මිලකි.

කරුණු එසේ වුවත් රු. බිලියන 93කට වඩා වැඩි මිලකට විදේශීය සමාගමක් ස්වර්ණවාහිනිය ඇතුළු සමාගම් මිලදී ගැනීට කැමැත්ත ඵල කර ඇතැයි පවසන මහා බැංකු අධිපතිවරයා එම සමාගමට ඊඒපී සමූහය විකිණීමට තීන්දු කළ බව පවසයි.

නමුත් මහා බැංකු අධිපතිවරයා එම ඉහළ මිල කුමක්දැයි හෙළි කිරීමට මැලි වෙයි. එහෙයින් පෙනී යන්නේ මහා බැංකු අධිපතිවරයා බොරු කියමින්, හොර පාරෙන් ස්වර්ණවාහිනිය ඇතුළු ඊඒපී සමූහය සුදීර්ට දීමට යත්න දරන බවය.

හවුල්කාර ඇමති කව්ද ?

 මෙම ගනුදෙනුව මේ අයුරින් ක්‍රියාත්මක කිරීමට මහා බැංකු අධිපතිවරයා මෙහෙයවන්නේ සුදීර් ජයරාම් සමග කුළුපගු ඇසුරක් පවත්වන අගමැතිවරයාට සමීප ඇමතිවරයකු විසින් බව පැවසේ.

ඔහු මින් පෙර අවස්ථා ගණනාවකදී සුදිර් ජයාරාම් සිදු කළ වංචාවන් වලදී ඔහු රැක ගැනීමට ඉදිරිපත් වී ඇති බව ද මේ වන විට විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ හෙළිදරවු වී ඇත.

මෙරට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන ස්වර්ණවාහිනිය මැලේෂියානු ජාතිකයකුට අලෙවි කිරීමට ගෙන ඇති තීරණය ජනතා විමුක්ති පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ද පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍ර‍ශ්න කළේය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයක් විදේශීය සමාගමකට අළෙවි කළ හැක්කේ කුමන පදනමින්ද යන්න වහාම රටට හෙළිකරණ ලෙස මෙහිදී ඔහු ආණ්ඩුවට අභියෝග කළේය.

මුලාශ පුවත් වාර්තා :

Concerns over credibility of Rs. 9 b Malaysian bid for EAP assets

CB takes over ETI Finance, Swarnamahal Financial