සංහිඳියාව ඔස්සේ සංවර්ධනයට : ගමන ඉක්මන් කරන්න සජිත් ජනපති කරන්න - රනිල් 

සංහිඳියාව ඔස්සේ සංවර්ධනයට : ගමන ඉක්මන් කරන්න සජිත් ජනපති කරන්න - රනිල් 

සංහිදියාව ඔස්සේ සංවර්ධනය කරා යන ගමන වේගවත් කරලීම සඳහා සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  අද (02) වව්නියා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එහිදී වව්නියාවේ තරුණ කාන්තා සහ ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු විසඳීමට ශක්තියක් හා කැපවීමක් ඇති එකම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය බවය.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර පළාත් මෙන්ම මොණරාගල දිසාව ද පවතින්නේ ඌණ සංවර්ධිතව බැවින් ඒ ප්‍රදේශයන්හි සංවර්ධන කාර්ය වේගවත් කරලීම උදෙසා ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් විශේෂ සහයෝගයක් ලබාගැනීමට ක්‍රියා කරන බව ද එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත. 

 තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද සඳහන් කර තිබේ.

"උතුරේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් අපි ළඟදී විවෘත කළා. එමගින් උතුර සහ නැගෙනහිර පළාත්වල සංචාරක, හෝටල් සහ අනෙකුත් ක්ෂේත්‍ර සංවර්ධනය වෙනවා. ඒ හරහා උතුරේ විශාල ආයෝජනයක් සිදු වෙනවා. මෙමගින් උතුරේ ජනතාවට රැකියා අවස්ථා රැසක් ඇති වන බව කිව යුතුයි. 

තවද මන්නාරම, පුනරීන් සහ වඩමරාච්චි යන ප්‍රදේශවල අපි අලූතෙන් ආර්ථික කලාප ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් නිලාවෙලි සිට උතුරු පළාත දක්වා තිබෙන මුහුදු වෙරළ අපි සංවර්ධනය කරනවා. මේ සියල්ල සිදු වනවිට වව්නියාව එම සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වන බව සඳහන් කරන්න කැමැතියි. තවද අපේ බලාපොරොත්තුව වී තිබෙන්නේ මෙම සංවර්ධන වැඩපිළිවෙළ ඔස්සේ උතුර සහ නැගෙනහිර ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ දැමීමටයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතික පක්‍ෂ වව්නියාව සංවිධායිකා ඩයනා ගමගේ ප්‍රමුඛ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, තරුණ තරුණියන් රැසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න