බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයීය හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයීය හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවයි

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටින ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයාගේ (Minister Counsellor-Defence) සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන මෙන් එහි සිටින මහ කොමසාරිස්වරියට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි.

විදේශ අමාත්‍යංශය මේ බව ඊයේ (පෙබරවාරි 06) මහ කොමසාරිස්වරියට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළුව බලධාරීන් විසින් වහා පරීක්ෂණ අරඹනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වී තිබේ.

අදාළ නිලධාරියා ආක්‍රමණශීලී ආකාරයකින් හැසිරුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් ඇති වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

ඊට මුල් වී ඇත්තේ ලන්ඩන් නගරයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී වූ සිදුවීමකි.

 වීඩියෝ

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක්ව සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියා නෙරපා හරින ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු විසින් එරට විදේශ ලේකම්වරයා වෙත ලිපියක් යවනු ලැබ තිබේ.

"ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවයේ නිරත බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ රාජ්‍යතාන්ත්‍රික බලපත් ඉවත් කරමින් ඔහු නෙරපා හරින ලෙස ජොආන් රයන් (Joan Ryan ) සහ ෂෝආන් මැක්ඩොනග් (Siobhain McDonagh) යන මන්ත්‍රීවරියන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති" බව එම නිවේදනයේ දැක්වෙයි.

පෙබරවාරි හතරවෙනිදා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක යෙදෙන අතරේදී අදාළ නිලධාරියා 'යමෙකුගේ ගෙල සිඳින බව කියා පෑමේ සංඥාවක්' කිරීම එහි සිටි දෙමළ පුද්ගලයන් බිය ගැන්වීමක් බව ද ලේබර් පක්ෂ මන්ත්‍රීවරියන් විසින් යොමු කරන ලද ලිපියෙහි සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ජොආන් රයන් (Joan Ryan ) දෙමළ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ උප සභාපතිනියක වන අතර ෂෝආන් මැක්ඩොනග් (Siobhain McDonagh) එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිනිය වන්නීය.

"එක්සත් රාජධානිය තුළ කටයුතු කරන නිල මට්ටමේ අමුත්තකු වශයෙන් එම හැසිරීම සුදුසු නොවන, පිළිගත නොහැකි මෙන්ම තර්ජනාත්මක වූවක්" බව ද එම මන්ත්‍රීවරියෝ පෙන්වා දෙති.

 අමාත්‍ය ලිපිය

 99907660 letter

 (බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න