Language Switcher

V2025

ඉඩම් ඉල්ලන උතුරේ ජනතාවට ජනපතිගෙන් පාරක්

1990 ජූනි මස 20 වනදා සිට වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ඊයේ (06) පෙරවරුවේ විවෘත කෙරී තිබේ.

මුලතිව් කෙපාපිලව් ජනතාව වසරකටත් වඩා තම ඉඩම් අයිතිය ලබාදෙන ලෙස උපවාසයක නිරතවෙමින් සිටින අතරතුර ඊයේ(05) යාපනයේ පැවති මැතිවරණ රැළියකට සහභාගී වූ ජනාධිපතිවරයා මෙම මාර්ගය විවෘත කරන බවට පොරොන්දු විය.

මෙම මාර්ගය විවෘත කිරීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි සහ යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් යන මහත්වරුන් සහභාගී වී ඇත.

කිසිඳු බේදයකින් තොරව යාපනය ජනතාව වෙනුවෙන් ද සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට තමා කටයුතු කරන බව ඊයේ (05) යාපනයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල මහතා ප්‍රකාශ කර තිබේ.

එසේම ජනතාව ගමන්කළයුතු දුර කි.මි 50 කින් පමණ අඩුවනු ඇති බැවින් කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය විවෘත කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණි.

රට තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමට තමා කැපවී සිටින බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කළහැකි සෑම කැපකිරීමක් සිදුකරන බව ද පැවසීය. උතුරේත්, දකුණේත් සියලූ ජනතාව එක්ව තමා ජනාධිපති ධූරයට පත්කර ගත්තේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක් කෙරෙහි දැඩි අපේ්ක්ෂා සහගතව බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම අපේක්ෂාවන් ඉටු කිරිමට ඉකුත් වසර 03 තුළ තමන් සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ද සඳහන් කළේය.

මේ අතර යාපනය අවතැන්වූවන් වෙනුවෙන් ඉඩම් නිදහස් කිරීමේ කටයුතු මේ වන විට සියයට 75 කින් පමණ අවසන් කර තිබෙන අතර, ඉතිරි ඉඩම් නිදහස් කිරීමේ කටයුතු ද කඩිනමින් නිමකරන බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

අතුරුදන්වූවන් පිළිබඳ දීර්ඝ කාලයක් පුරා පවතින ජනතා හඬ නැගීම පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ වෙනුවෙන් ඉහළම සාධාරණය ඉටුකිරීමට තමා කැපවී සිටින බවයි. එම අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා අතර, ඔවුන්ගේ ඉල්ලීම් අනුව අවශ්‍ය සාකච්ඡා, සොයාබැලීම් සඳහා ඕනෑම අවස්ථාක තමා සූදානම් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

සංවර්ධනයට මුවා වෙමින් දේශපාලන වශයෙන් ජනතාවට බෙදා වෙන් නොකරන ලෙස තමා උතුරේත් දකුණේත් සියලු දේශපාලනඥයින්ගෙන් ඉල්ලන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

කෙපාපිලව් උපවාසයට දින 341යි

හමුදාව බාරයේ තිබෙන තම ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලමින් මුලතිව් කෙපපිලව් ජනතාව ගෙනයමින් සිටින උපවාසයට මේවනවිට දින 341ක් ගතව තිබේ. දින 339ක් සපිරුණු පසුගිය 04 දා ඔවුන් කළු කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත වී තිබේ.