දයා,මලික්, රිෂාර්ඩ්, නවීන් යන අමාත්‍යවරුන්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

දයා,මලික්, රිෂාර්ඩ්, නවීන් යන අමාත්‍යවරුන්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාර්ඩ් බදුර්දීන්, ආර්ථික ක්‍රමඋපාය හා ජාත්‍යන්තර වෙළද ඇමති මලික් සමරවික්‌ක්‍රම, වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක යන අමාත්‍යවරුන්ට එරහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් සිදුකළ බව එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කරයි.

එම සංවිධානය විසින් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධව newstube.lk සිදුකළ කරුණු විමසීමකදී රංජිත් විතානගේ මහතා මේ අදහස් පලකළ අතර එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමන් ඊයේ (06) අදාළ පැමිණිල්ල සිදුකළ බවත් ඊට පදනම් වුයේ වත්මන් ආණ්ඩුවේ තවත් දූෂිත අමාත්‍යවරුන් සිටින බවට පසුගියදා ජනාධිපතිවරයා සිදුකළ හෙළිදරව්ව බවත් ය.

එසේම පාලකයන් විසින් ජනතා මුදල් කොල්ල කෑම මහදවල් සිදුකරන අතර ඒ පිළිබදව ජනාධිපතිවරයාද ප්‍රකාශ කරන බවත් එහෙත් ජනතා මුදල් ආරක්ෂා කර ගැනීමට කිසිදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොමැතිවීම හේතුවෙන් ජනතාව හැටියට අප එයට එරෙහි විය යුතුය යන පදනමින් තමන් මීට මැදිහත්වූ බවද සභාපතිවරයා පැවසීය.

තවද රජයේ දූෂණය හා වංචාව වැඩිවීම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීමට ප්‍රධානම හේතුවක් ලෙස තමන් සලකන බවත් ජනාධිපතිවරයාම පසුගිය දා ප්‍රකාශ කල ආකාරයට රජයේ ආදායම් සමහර ඇමතිවරුන්ගේ පුද්ගලික ගිණුම්වලට බැර වන තත්ත්වයක් යහපාලන ආණ්ඩුව තුළද සිදුවේ නම් ඊට එරෙහිව පියවර ගනිමින් මෙම පැමිණිලි විභාග කිරීම අල්ලස් හෝ දුෂණ වංචා කොමිසමේ කාර්යය විය යුතු බවද ඔහු පැවසීය.

එසේම තමන් ඉදිරියේදී ආදායම් ඉපයීම සම්බන්ධව සැකසහිත අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකුට එරෙහිවද අල්ලස් හෝ දුෂණ වංචා කොමිසමේ පැමිණිලි කිරීමට අපේක්ෂා කරන බවත් ඊට අදාළ තොරතුරු මේ වන විටත් එකතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න