කුමන්ත්‍රණකාරී බලවේගයක් ජනාධිපති කොමිෂන් නිර්දේශ විකෘති කරලා - පා.ම. රවී සාක්ෂි සහිතව පාර්ලිමේන්තුවේ අනාවරණය කරයි

කුමන්ත්‍රණකාරී බලවේගයක් ජනාධිපති කොමිෂන් නිර්දේශ විකෘති කරලා - පා.ම. රවී සාක්ෂි සහිතව පාර්ලිමේන්තුවේ අනාවරණය කරයි

බැඳුම්කර ජනාධිපති කොමිසම සිය නිර්දේශ තුළ තමන් වරදක් කර නොමැති බව තහවුරු කර ඇතත් ජනාධිපතිවරයාට සකස්කර දුන් විශේෂ ප්‍රකාශයේ කරුණු විකෘති කිරීමක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවති බැඳුම්කර සහ බරපතල දුෂණ වංචා, රාජ්‍ය මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධ කොමිසම් වාර්තා විවාදයට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ යහපාලන සම්මුති ආණ්ඩුව බිඳ දැමීමට අපේක්ෂා කරන පාර්ශවයක් මේ පිටුපස සිටින බවට තමන් සැක කරන බවත් කොමිෂන් වාර්තා හරහා තමන් අපේක්ෂා කළ ප්‍රතිපල නොලැබීම හේතුවෙන් ඔවුන් මේ ආකාරයේ හැසිරීමක් දක්වා පහතට වැටී ඇති බවය.

එනිසාම තව දුරටත් ඔවුන් මඩ මාධ්‍ය සංදර්ශන යොදාගනිමින් තමන්ටත් තම පක්ෂයටත් මඩ ගසන කටයුත්තක නිරතව සිටින බවත් කවුරුන්හෝ එවැනි බාල හැසිරීම් හරහා තමන් හෝ තම පක්ෂය දුර්වල කිරීමට සිතනවා නම් ඊට ඉඩක් නොතබන බවත් ඒ සෑම අභියෝගයකටම මුහුණදීමේ ශක්තියක් තමන්ටත් තම පක්ෂයටත් ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

එසේම ලංකා දේශපාලනය තුළ අරටු බැස තිබෙන විනාශකාරී දේශපාලන හැසිරීම වෙනුවට (distructive politics) ඵලදායී දේශපාලන ප්‍රවේශයක් (constructive political approach) වෙත යොමුවිය යුතුව ඇති බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

 ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න