බෙල්ල කපනවා පෙන්වීම ප්‍රශ්නයක් නෑ : ජනපති නියමයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළිත් සේවයේ

බෙල්ල කපනවා පෙන්වීම ප්‍රශ්නයක් නෑ : ජනපති නියමයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළිත් සේවයේ

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටින ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයාවූ (Minister Counsellor-Defence) බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවීම වළක්වාලන නියෝගයක් ජනාධිපතිවරයා නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

එසේම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ ආරක්ෂාව සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකරන ලෙස ජනාධිපතිවරයා වගකිව යුතු අංශ දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව ඔහු සුපුරුදු පරිදි රාජකාරියේ නියුතු වන අතර හමුදාපති මහේෂ් සේනානයකද සඳහන් කර තිබුණේ වීඩියෝවක් පදනම් කරගෙන හමුදා නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට නොහැකි බවය.

ඒ අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන මෙන් එහි සිටින මහ කොමසාරිස්වරියට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සිදුකළ ඊයේ (පෙබරවාරි 06) නිවේදනය මේ වන විට අවලංගු වී ඇති අතර මෙම සිදුවීමට අදාළ වැඩිදුර විමර්සන ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළුව බලධාරීන් විසින් සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි.

මේ පිළිබඳ අප කළ විමසුමකදී අන්තර් ජාතික සම්බන්ධතා පිළිබඳ උපදේශකවරයෙකු සඳහන් කර සිටියේ, යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා හමුදාව යුධ පසුබිම සහ පශ්චාත් යුධ පසුබිම සම්බන්ධව නිවැරදි පුනරුත්ථාපනයක් සිදුනොකිරීම හේතුවෙන් මෙවැනි දේ සිදුවන බවය.

එසේම මේ හරහා කුමක් අපේක්ෂා කළත් ජාත්‍යන්තරය හමුවේ මෙරට අපකීර්තියට පත්වීම වලක්වා ලිය නොහැකි බවත් එය යම් තරමකින් හෝ සමනය කරගන්නට නම් අදාළ නිලධාරියා මෙරටට කැඳවීමට වත් ක්‍රියා කළ යුතු බවය.

පොහොට්ටුවට බයේ ගත්ත තීරණයක්

කෙසේ නමුත් මේ පිළිබඳ වැඩිදුර අප කළ කරුණු විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ අදාළ සේවයේ පිහිටුවීමේ තීරණය මෙරට වත්මන් දේශපාලන හැසිරීම තක්සේරු කර ලබාදුන් නියෝගයක් වන බවය. මේ සිදුවීම පදනාම් කරගෙන අදාළ නිලධාරියාගේ සේවය අත්හිටුවීමක් සිදුවුවා නම් මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එය සටන් පාඨයක් කරගනු ඇති බවට තක්සේරු කර ඇති බවක් පෙනී යන බවත් කෙසේ නමුත් රාජතාන්ත්‍රික නිලධාරීන් මීට වඩා සිය සේවය සම්බන්ධව සැළකිලිමත් විය යුතුව ඇති බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න