මහරගමදී පොහොට්ටුව විසින් බයිසිකලය මිලදී අරගෙන

මහරගමදී පොහොට්ටුව විසින් බයිසිකලය මිලදී අරගෙන

මහරගම නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍ර‍ය අවලංගු වීමෙන් අනතුරුව බයිසිකලය ලකුණ සහිත ස්වාධීන කණ්ඩායම පොදුජන පෙරමුණ විසින් මිලදී ගෙන ඇති බවත් දූෂණ විරෝධී පෙරමුණේ සංවිධායක තුසිත බාලසූරිය පවසයි.

තුසිත බාලසූරිය මහතා වැඩිදුරටත් ඒ පිළිබඳ අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ මහරගම නගර සභාවට අයත් කොට්ඨාස විසි පහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයින් ඉදිරිපත් නොවුනද පොදුජන පෙරමුණ මහරගමට ඉදිරිපත්ව ඇති ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයින් නීති විරෝධී අන්දමට මිලදී ගෙන ඇති බවය.

පසුගිය කාලය තුළ වාර්තා වු මැතිවරණ දූෂණ ක්‍රියා අතරින් දරුණුම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ දූෂණය වාර්තා වන්නේ මහරගම ඡන්ද බල ප්‍රදේශයෙන් බවද ඔහු සඳහන් කර සිටියි.

එසේම මැතිවරණය ප්‍ර‍කාශයට පත්කරන ලද දින සිට අද (07) දක්වා දූෂණ විරෝධී පෙරමුණට වාර්තා වු සිද්ධිවලින් මෙවර මැතිවරණය අන්ත දූෂිත මැතිවරණයක් බව ඔප්පු වන බවත් නාමයෝජනා ලබා දීමට ලිංගික අල්ලස් ඉල්ලීම වැනි දරුණු දූෂණ ක්‍රියාවන්වලින් එය තහවුරු වන බවත් ඔහු පවසයි.

තවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ළකුණ යටතේ නාමයෝජනා ලබාදීමට කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට උත්සාහ කිරීමට එරෙහිව කාන්තාවන් පිරිසක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය හොරකම, වංචාව හා ලිංගික අල්ලස් සිද්ධි වාර්තා වු අන්ත දූෂිත මැතිවරණයක් බව දූෂණ විරෝධී පෙරමුණේ සංවිධායකවරයා පවසයි.

එවැනි අන්ත දූෂිත පරිසරයක පවත්වන මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පත්වන නියෝජිතයන් ගැන නිරන්තර අවධානයෙන් සිටිමින් පළාත් පාලන ආයතන තුළ ඉදිරියේ දී සිදුවීමට නියමිත දූෂණ හා වංචාවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කැප වන බවද දූෂණ විරෝධී පෙරමුණේ සංවිධායකවරයා පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න