ජනපති දැඩි තීන්දුවක ; ඡන්දයෙන් පසු කැබිනට් සංශෝධනයක ලකුණු !

ජනපති දැඩි තීන්දුවක ; ඡන්දයෙන් පසු කැබිනට් සංශෝධනයක ලකුණු !

දුෂිතයන් සමග ආණ්ඩු නොකරන බවට තමා තීන්දු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව අවසන් ජන හමුවට පොළොන්නරුවේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

දුෂණයට එරෙහි සටනේදී රටේ ජනතාව කෙරෙහි උපරිම විශ්වාසයක් තබා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසිය.

මේ අතර අලව්ව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ රටක් ගොඩනැගීමට අවශ්‍ය වන්නේ පැහැදිළි දේශපාලන දර්ශණයක් මිස පුද්ගල චරිත නොවන බවයි.

දේශපාලන දර්ශණයක් හෝ ප්‍රතිපත්තියකින් තොරව සොරුන්ගේ රැකවරණය සඳහා පෞද්ගලික න්‍යාය පත්‍රයක් අනුව ගොඩනගා ගත් නව දේශපාලන පක්ෂවලට පැවැත්මක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 දුෂණයට එරෙහිව හඩක් :

දුෂිතයන් සහ සොරුන් ශක්තිමත් කිරීමට මෙම මැතිවරණයේදී ජනතාව කටයුතු නොකළ යුතු බවත් මෙවර මැතිවරණය දුෂණයට එරෙහිව හඩක් ගොඩනැගීමේ අවස්ථාවක් කර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා ගල්ගමුව ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ඉල්ලා සිටියේය.

දුෂණයෙන් තොර පාලනයක් සඳහා ජනතාවට ප්‍රතිඥා ලබාදිය හැකි එකම පිරිසිදු දේශපාලන ව්‍යාපාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න