'ආර්ථිකය අවුල්වෙලා' - විගණකාධිපති (වීඩියෝ)

'ආර්ථිකය අවුල්වෙලා' - විගණකාධිපති (වීඩියෝ)

රාජ්‍ය අංශයේ ප්‍රතිත්තියකින් තොර ණය ගැනීම් හේතුවෙන් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම අවුල්සහගත වී ඇති බව විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා පවසයි.

විගණකාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

රටේ ණය ප්‍රමාණය කොපමණ දැයි නිශ්චිතව ගණන් බැලීමට නොහැකි වී ඇති බව ද විගණකාධිපතිවරයා එහිදී පැවසිය.

“අතත පය බැදලා මුහුදට දාපු මනුස්සයෙක් වගේ ජබි ගහ ගහා ඉන්නවා වැඩක් කරන්න පුළුවන් තත්ත්වයක් අද නෑ. කවුරු හරි මගෙන් ඇහුවොත් රටේ තියෙන ණය ප්‍රමාණය කීය ද කියන්න කියලා මට දෙන්න පුළුවන් උත්තරය තමයි කරුණාකරලා වයිමගෙන් අහන්න කියන එක.

එච්චරටම රාජ්‍ය අංශයේ ණය කළමනාකරණය අවුලෙන් අවුලට පහුගිය දශකය තුළ පත්කරලයි තියෙන්නේ”

විගණන පනත ප්‍රමාදවීම තුළ ගැටලු රැසක් :

මේ අතර විගණකාධිපති වාර්ෂික වාර්තාව එළි දක්වමින් ඔහු කියා සිටියේ 19 වන සංශෝධනයට අනුව සම්මත කළ යුතු විගණන පනත තවදුරටත් ප්‍රමාදවීම තුළ ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, පසුගිය දශකය තුළ රාජ්‍ය අංශයේ ණය කළමනාකරණය අවුල්සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න