ටෙලෝ සහ ප්ලොට් සහයත් සජිත්ට !

ටෙලෝ සහ ප්ලොට් සහයත් සජිත්ට !

ටෙලෝ සහ ප්ලොට් සංවිධානවල සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ නිල ප්‍රකාශයක් සිදුකරන බව ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්‍ෂ නායකයන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර  ඊයේ (04) අරලියගහ මන්දිරයේ පැවැති හමුවකදී මේ දැනුම්දීම සිදුකර ඇත.

ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලින්ගම් සිද්ධාර්ථන් සහ ටෙලෝ නායක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවත් දැනගන්නට ඇත.

ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබෙන කරුණු පිළිබඳවද මෙම හමුවදී අවධානය යොමුකර ඇත.එසේම පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම පාර්ශ්වය වන ඉලංගයි තමිල් අරසු කච්චිහි සහයෝගය ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට ලබාදීම සහතික කෙරිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න