ශ්‍රිලනිප ය වරිග සභාවක ප්‍රාණ ඇපයට හසුවෙලා - පාඨලී 

ශ්‍රිලනිප ය වරිග සභාවක ප්‍රාණ ඇපයට හසුවෙලා - පාඨලී 

ශ‍්‍රී  ලංකා නිදහස් පක්ෂය වරිග සභාවක ප‍්‍රාණ ඇපයට හසුව ඇති බවත්, මෙවර ගෝඨාභය රාජපක්ෂගේ පරාජයෙන් පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස රටට ලැබෙනවා සේම, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටද ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකත්වයක් හිමිවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක  පවසයි.

නුගේගොඩ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව  ප‍්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළ තිබුණු පවුල්වාදය චන්ද්‍රිකා මහත්මිය  අවසන් කළා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වරිග සභාවක ප‍්‍රාණ ඇපයට හසුවී ඉන්නවා. මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස රටට ලැබෙනවා පමණක් නොවෙයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අලූත් නායකත්වයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකත්වයක් ලැබෙනවා. ඒ නිසා ඔවුන් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ජයග‍්‍රහණය කරවීම උදෙසා ඡන්දය භාවිතා කරන්න කියන ඉල්ලීම මම කරනවා.

දැන් රාජපක්ෂ කඳවුර  නඩු ගැන කතා කරනවා. නඩු වලින් නිදොස් කොට නිදහස් කළා කියලා සඳහන් කරනවා. පසුගිය දිනවල නීතිපති දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකු කළ ප‍්‍රකාශය අපි දැක්කා. රටේ අධිකරණ ඇමති ලෙසින් කටයුතු කර පුද්ගලයාගේ ප‍්‍රකාශය අපි දැක්කා. එෆ්.සී.අයි.ඞී එකේ හිටිය දුෂිතම පුද්ගලයා කළ ප‍්‍රකාශය අපි දැක්කා. අවංක රාජ්‍ය සේවකයෙක් වන නීතිපති දෙපාර්තමේන්තුවේ වසන්ත නවරත්න බණ්ඩාර නඩු යටගැසූ ආකාරය, ඒ ෆයිල් සැඟවූ ආකාරය, දුෂිත ක‍්‍රියාවලියට ඉඩදුන් ආකාරය සඳහන් කළා. වර්තමාන ආණ්ඩුවෙන් තුන් හතර දෙනෙකු මේ දුෂිත ක‍්‍රියාවලියට එකතුවෙලා හිටියා. ඒ දුෂිතයින් එක්ක ගණුදෙණු බෙදා ගත්තා.

ලබන මාර්තුමාසයේදි මහමැතිවරණය පැවැත්වෙනවා. හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ, මේ දුෂිතයින් කුමන පක්ෂයක හිටියත් පාර්ලිමේන්තුවට යවන්න එපා. ඩීල් කාරයින්ගේ යුගය අවසන් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. සුහද ගම්ලත්ගේ සිට රවි වෛද්‍යලංකාර දක්වා, විජයදාස රාජපක්ෂ දක්වා හැම කෙනෙකුම එක්ව කළ ඩීල් යුගය නිසා තමයි හැට දෙලක්ෂයක් ජනතාවගේ ජනවරමට පහර දුන්නේ. පනස් ලක්ෂයක් එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දුන් මිනිසුන්ට පාරේ බැහැලා යන්න බැරිවුණේ. ඔවුන් දැන් අධිකරණයට වෙට්ටු දමමින් නොයෙක් ආකාරයෙන් කටයුතු කළත් අපි 16 වනදායින් පසුව නව අධිකරණ ක‍්‍රමයක් ඇති කරනවා. ඒ තුළින් නඩු කඩිනමින් අසා දූෂිතයින්ට දඩුවම් ලබා දී දුෂිත අයුරින් උපයා විදේශ රටවලට ගෙන ගිය ධනය නැවත මේ රටට ගත හැකි ක‍්‍රමයක් අපි ඇති කරනවා”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න