හිඟයකින් තොරව ගෑස් සූදානම් : සමාගම් සහතික වෙයි !

හිඟයකින් තොරව ගෑස් සූදානම් : සමාගම් සහතික වෙයි !

කිසිදු හිගයකින් තොරව ගෑස් සැපයිය හැකි බවට ගෑස් සමාගම් සහතික වූ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසයි. 

ගෑස් මිල අඩුවීම හේතුවෙන් විශාල ඉල්ලුමක් ඇතිවීම, සෞදි අරාබි කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැව් ගමනාගමනයට බාධා එල්ලවීම යන කරුණු මත මෙම ගෑස් හිගය ඇති වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

 කෙසේ වෙතත් නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් අවශ්‍ය ගෑස් තොග ද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙමින් පවතින බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

මුදල් අමාත්‍යාංශයේ පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව අද (05) මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන ගෘහස්ත ගෑස් සිලිංඩර් සංඛ්‍යාව 75,000 සිට 100,000 දක්වා ඉහළ නංවමින් පවතින ගෑස් හිගය අවසන් කිරීමට කටයුතු කරමින් සිටින බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. එහි අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 15,000ක් නැව් මගින් දිවයිනට ළගාවීමට නියමිත බවයි.

මේ අතර සිය දෛනික ගෑස් නිකුත්ව 35%කින් ඉහළ දමමින් ගෑස් හිගය අවසන් කිරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරී චමින්ද එදිරිවික්‍රම කියා සිටියේ ඉදිරියේ දී මෙවැනි ගෑස් හිග ඇතිවීම වැළැක්වීම සඳහා ගෑස් ටොන් 27,000ක පමණ ආරක්ෂිත ගෑස් තොගයක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න