පක්ෂ දෙකක නායකත්වය රාජපක්ෂලාට : වෙල්ගම කුමන්ත්‍රණය හෙළිකරයි !

පක්ෂ දෙකක නායකත්වය රාජපක්ෂලාට : වෙල්ගම කුමන්ත්‍රණය හෙළිකරයි !

රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධව නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම  අනාවරණය කරයි.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙම අනාවරණය සිදුකර සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන්  ගොඩනගා ඇති 'අපි ශ්‍රී ලංකා' ව්‍යාපාරයේ අද (05) සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති  ජාතික සමුළුව අමතමින්. 

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොගෙන ජනාධිපති අපේක්ෂකත්වය පමණක් ලබාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ වැරදීමකින් හෝ බලය ලැබුවහොත් ඔහුට නිදහස් පක්ෂයේ නායකත්වය ලබාදීමට සිදුවන බවයි. 

රාජපක්ෂලා දෙන්නෙක් පක්ෂ දෙකක නායකත්වයට !

ඒ පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ නායකත්වය සහ සභාපති ධූරය පිරිනැමීමට සිදුකළ අතුරු ව්‍යවස්ථාව අනුව බවත් මන්ත්‍රීවරයා පැහැදිළිකර සිටියේය. එහිදී නිර්පාක්ෂිකව මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකු ජනාධිපති ලෙස පක්ෂයට එක්වුවහොත් ඔහුට පක්ෂ නායකත්වය හිමිවන බවත් ඒ අනුව පක්ෂ දෙකක නායකත්වය රාජපක්ෂ පවුල සතුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියත ලෙසම බෝඩ් ලෑල්ලවත් ඉතිරි නොවන තැනට පත්වීම අනිවාර්යයක් බවය. 

එසේම හිටපු ජනාධිපතිනිය වන  චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග අද කැඳවූ සමුළුව පදනම් කරගෙන විනය පරීක්ෂණයක් පවත්වන බවට වර්තමාන නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේ  සිදුකල ප්‍රකාශයටද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රතිචාර දැක්වීය. එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ ඔය කියන කිසිම විනය පරීක්ෂණයකට බිය නොවන බවයි. පක්ෂය දෙකඩ කල පාර්ශව සමඟ එකතුව සන්ධාන හදන අයට පක්ෂය රැකගැනීමට ඉදිරිපත්ව සිටින  නියම ශ්‍රී ලංකාකාරයන්ට විනය පරීක්ෂණ සිදුකල නොහැකි බවත් ඔහු පැවසීය.

චන්ද්‍රකාට විනය පරීක්ෂණ තියන්න ආවොත් : දයාසිරිව කනෙන් අල්ලලා එළියට දාන්නේ !

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම අපේක්ෂකයකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී නොමැති බැවින් ඕනෑම අයෙකුට ජන්දය ලබාදීමට හැකි බවත් නමුත් පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ හැර ඕනෑම අයෙකුට ජන්දය ලබාදෙන ලෙසත් මන්ත්‍රීවරයා පැවසු අතර අපේක්ෂිත ප්‍රතිඵලය ලැබුණහොත්, පක්ෂය ශක්තිමත් කරනවා පමණක් නොව, චන්ද්‍රිකාට විනය පරීක්ෂණ තියන්න බලා සිටින එහෙට මෙහෙට පැන පැමිණ සිටින මහ ලේකම් දයාසිරිගේ කනෙන් අල්ලා එළියට දමන බවත් පැවසීය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න