Language Switcher

V2025

සමීක්ෂණ වාර්තා සේරම බොරු - කරට කර සටනේ වාසිය සජිත්ට !

තැපැල් ඡන්ද  ප්‍රතිඵපලයෙන් තම අපේක්ෂකයා ජයගෙන ඇති බවට ඇතැම් දේශපාලඥයන් හා පුද්ගලයින් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙසේ සඳහන් කර තිබුණේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වන අතර තැපැල් ඡන්දය ගණනය කිරීම සිදුවන්නේ  නොවැම්බර් 16 දා පස්වරු 5න් පසුව බවත් එවැනි තත්ත්වයක් තුළදී ඇතැම් පිරිස් තම අපෙක්ෂකයා ජයගෙන ඇති බවට පවසන ප්‍රකාශ සෙසු ඡන්ද දායකයන්ට බලපෑමක් ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

රාජ්‍ය බුද්ධි අංශ සමීක්ෂණ කර නෑ !

එසේම රාජ්‍ය බුද්ධි සේවය විසින් සිදුකල ජනමත සමීක්ෂණයකට අනුව තම තමන්ගේ අපේක්ෂකයින් ජයගෙන ඇති බව සඳහන් කරමින් සජිත් ප්‍රේමදාසගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ද එකිනෙකා පරයමින් ප්‍රචාරය කරමින් සිටින නමුත් එම ප්‍රචාරයන්ගේද කිසිඳු සත්‍යක් නොමැති බවත් වාර්තා වෙයි.

රාජ්‍ය බුද්ධි සේවය වගකීමට බැඳී සිටින්නේ ජනාධිපතිවරයාට පමණක් වන අතර වාර්තා වන ආකාරයට  ජාතික මැතිවරණ වලදී රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි අංශ පූර්ව ජනමත සමීක්ෂණ සිදුකර රාජ්‍ය නායකයා වෙත වාර්තාවක් සැපයීමේ සම්ප්‍රදායක් පවතින නමුත් මෙවර එවැනි සමීක්ෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී නැති බවත් දැනගන්නට ඇත.

බුද්ධි අංශ සමීක්ෂණ වාර්තා ලෙස දක්වමින් සාවද්‍ය ලෙස සකස් කල වාර්තා මේ වන විට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ එවැනි පසුබිමකය. එසේම එම වාර්තා වල ඇති හාස්‍ය දනවන සිදුවීම වන්නේ සමස්ත ප්‍රතිපලයම දැක්වෙන ආකාරයට එම වාර්තා සකස් කර තිබීමය. 

කෙසේ වුවත් පසුගිය සතිය වන විටත්  ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර තියුණු සටනක් පැවති  නමුත් මේ වන විට එම තත්ත්වය වෙනස් වෙමින් තිබෙන බව දේශපාලන විචාරකයන් පවසයි. තැපැල් ජන්ද ප්‍රතිඵලය ගැන ජනතාව රවට්ටන්න විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට සිදු වූයේද ඒ නිසා බවත් ඔවුන් පෙන්වා දෙයි.

වැඩි වාසිය සජිත්ටයි : අයිවන්ගේ විග්‍රහය මෙන්න !

මේ අතර  ජනාධිපතිවරණය ජය ගැනීමේ වැඩි ප්‍රවණතාවක් ඇත්තේ සජිත් ප්‍රේමදාස  සතුව බව ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අවධාරණය කර සිටියි.
 
 ඊයේ(06) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කල අතර  තව දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
 

“මගේ කියවීම හරිද වැරදිද කියල මම දන්නේ නෑ. මෙයට පෙරත් ජනාධිපතිවරණවලදී මම මගේ මතය කියල තියෙනවා. මම කියන්නේ වැඩි ඉඩක් තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාටයි. ඒකයි මම දකින ඇත්ත. ඒක වරදින්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් මැතිවරණයකදී ජයග්‍රහණය අපි බලන්නේ යූ.එන්.පී. ගොඩ කීයද ශ්‍රි ලංකා ගොඩ කීයද ජේවීපි ගොඩ කීයද කියලයි.සජිත්ගේ හොඳ නරක කුමක් වුණත් එයාට තියෙන වාසිදායක තත්ත්වය තමයි එයාගේ තාත්තා මේ රටේ මිනිස්සුන්ට ගෙවල් දුන්නා. අන්ත දුප්පත් මිනිස්සුන්ට ගෙවල් දුන්නා.

ඒ දුප්පත් මිනිස්සු ඒක අමතක කරන්නේ නෑ. ඒ වගේම දැන් සමෘද්ධිය නමින් යන දිළිදු සහන වැඩපිළිවෙළ එයාගේ තාත්තගේ වැඩක්. ඒවගේම ඇඟළුම් කම්හල් වැඩ පිළිවෙල එයාගේ තාත්තගේ වැඩක්. ඒ මිනිස්සුන්ගෙ හදවත්වල ඕක තියෙනවා.

ඒ වගෙම ලංකාවේ වාර්ගික ආගමික සහ කුල වශයෙන් පීඩිත විශාල පිරිසක් ඉන්නවා. ස්වභාවයෙන්ම ඒ අයගේ ආකර්ශණය යනවා සජිත්ට. ඒක තමයි මට පේන දෙය. අපට මෙයාගේ තාත්තා උදව් කළ නිසා අපි මෙයාට උදව් කරමු කියල මිනිස්සු හිතන්න පුළුවන්. ඒ නිසා මේ රට සුරපුරක් වෙනව කියල මම කියන්නේ නෑ. නමුත් වෙන අයට තියෙන්නේ තමන්ගේ පක්ෂ පදනම විතරයි.

අනෙක් අයට නැති වාසියක් මෙයාට ලැබිල තියෙනවා මොන හේතුවක් නිසා හරි. එයා පීඩිතයින්ගේ ආකර්ශණයට හේතු වෙලා තියෙනවා. ඒ වාසිය එයාට යයි"