Language Switcher

V2025

'ෂැන්ග්‍රිලා කෝටි සීයක ඩීල්එකක්' :සජින් වාස් හෙළිකරයි (VIDEO)

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය ඉඳිකිරීමේදී රාජපක්ෂවරුන් ගත්  කොමිස් මුදල් සැඟවූ ආකාරය රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු අධීක්ෂ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අනාවරණය කර සිටියි.

රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රහස්‍ය කටයුතු බාර නිලධාරියා ලෙස සැලකුන සජින්වාස් ගුණවර්ධන එම කරුණු අනාවරණය කරමින් මාධ්‍ය හමුවේ මෙසේ පැවසිය. 

''මේ දිවුරුම් ප්‍රකාශය නිකුත් කරන්නේ චිදම්බරම් කියන පුද්ගලයා. සිංගප්පූරුවේ ටීපීඑල් ඉන්ටර් කියන සමාගමේ ඩොලර් මිලියන 5යි. එතකොට ටීපීඑල් සමාගමයි හැලියාඩ් කියන සමාගමයි අත්සන් කරනවා උපදේශක සේවයක් ඩොලර් මිලියන පහකට. 

මේ දිවුරුම් ප්‍රකාශ ලබා දෙන්නේ මේ සමාගෙමේ අධ්‍යක්ෂවරයා සහ කොටස්කරුවා සහ අයිතිකාරයා. මේකේ ගොඩක් දේවල් විස්තර තියෙනවා. මේකෙන් පැහැදිළිවම ප්‍රකාශවෙනවා මේ ගණුදෙනුව වෙනුවෙන් ඩොලර් මිලියන 5 ක් ගෙව්වා මම හිතන්නේ ආසන්නයෙන් කෝටි සීයක් විතර ලංවෙන ප්‍රමාණයක්. 

මේක තමයි ගත්ත අල්ලස හෝ කොමිස් එක. ඒ වගේම අවශ්‍ය ඕනම වෙලාවක ලංකාවේ නීතිය ඉස්සරහට ඇවිල්ලා උසාවිය ඉස්සරහට ඇවිල්ලා මේ පිළිබඳ සාක්ෂි සහටන් කිරීම හෝ වෙන ඕනම ක්‍රියාදාමයකට පෙනී සිටින්න එකඟ වෙනවා කියන එකත් ඊට අමතරව මේක සම්බන්ධයෙන් තියෙන සියලු ලියකියවිලි සහ ඊමේල් සියල්ල හරියට සනාථ කරලා ලබාදීල තියෙනවා කියලා. 

LOLC සමාගම හරහා...!

LOLC සමාගම හරහා තමයි මේ මුදල් අන්තිමට ඇවිල්ලා යම්කිසි විශුද්ධිකරණයක් වෙලා තියෙන්නේ. 

චිදරම්බරම් කියන පුද්ගලයා මේ කම්පනි එකේ අයිතිකාරයා මම සනාථ කරනවා මේ මුදල් හෙලියාඩ් කියන සමාගමෙන් ෂ්‍රන්ග්‍රීලා කියන ආයතනය වෙනුවෙන් එකේ දියුණුව සඳහා ලැබුණා කියලා. එතකොට මේ චිදම්බර්ම් කියන මේ අයිතිකාරයා කියනවා මදුරාවෝ කියන පුද්ගලයා ෂැන්ග්‍රීලා ආයතනයේ මම හිතන්නේ විධායක නිලධාරියා හැටියට ඉන්නේ දෙවෙනියා හැටියට ඉන්නේ. එතුමාගේ තියෙන ඒ සම්බන්ධතාවයත් එක්ක මේ ගණුදෙනුව වෙනුවෙන් ඩොලර් මිලියන පහක ප්‍රමාණයක් හම්බවුණා. 

ඒ ඩොලර් මිලියන පහෙන් නාමල් රාජපක්ෂ මහත්තයා සහ යෝෂිත රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් ඇම්ට්‍රැක්ට් හෝල්ඩිංස්  කියන කම්පනි එකටත් කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් කියන සමාගම් දෙකටත් මේ මුදල් ලබාගත්තා කියලා වැදගත්ම දේ මේ දිවුරුම් ප්‍රකාශයේ තියනවා. දැන් තමයි වැදගත්ම දේ මේ දිවුරුම් ප්‍රකාශයේ තියෙන 'චිදම්බරම් කියන මම මේ දිවුරුම් ප්‍රකාශය පිටු හතරම කියවලා බලලා අත්සන් කරලා තියෙන්නේ රවින්ද්‍ර වෛද්‍යලංකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ එස්.ඒ.එස්. ගුණවර්ධන පොලිස් සැරයන් ඉදිරිපිට 2015 ඔක්තෝම්බර් 28 වැනිදා සිංගප්පූරුවේදී. 

එතකොට මම මේක බොරුවට හදපු එකක් හෝ වෙන කවුරුවත් බොරුවට හදපු ලේඛනයක් නෙවෙයි. මෙන්න මෙහෙමයි රාජපක්ෂවරු වැඩ කරේ. මාව පාවිච්චි  කරලා අපව එක තැනකට ගොණුකරලා හිර කරලා පුළුවන් තරම් ප්‍රයෝජන අරගෙන මගේ නම එළියට දාලා මේ ගණුදෙනු කරන්න කියලා මට කිව්වම ඉතින් ඒ කාලේ එතුමා ජනාධිපති. 

මට කරන්න පුළුවන් සම්බන්ධීකරණයක් මම කරා ඒකේ යම්කිසි පාපකර්මයක් කරලා තියෙනවා නම් මම විඳවනවා ඒකේ කතා දෙකක් නැහැ''

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය ඉඳිකිරීමේ දී රාජපක්ෂවරුන්ට මිලියන 50කට කොමිස් මුදලක් ලබා දී තිබු එහි ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂවරයකු පොලිස් අපරාධ කොට්ඨාශයට අතේ මාට්ටු වුවද ඔහුගෙන් කටඋත්තරයක් හෝ ලබා නොගෙන මුදා හැරීමට කටයුතු කර තිබිණ.

වීඩියෝ