මව්බිම පත්තරේ පච මෝලක්  : නඩු කටේ දාගෙන ජාතික වෛරය වපුරයි !

මව්බිම පත්තරේ පච මෝලක්  : නඩු කටේ දාගෙන ජාතික වෛරය වපුරයි !

තමන් මැතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශයක් විකෘති කර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පුවත්පත් 3 කට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පවසයි.අද (13) මව්බිම පුවත්පත සහ ceylon today යන පුවත්පත් ප්‍රධාන ශීර්ෂය යටතේ මේ සාවද්‍ය පුවත වාර්තා කර තිබූ අතර මව්බිම ප්‍රධාන සිරස්තලය ලෙස දක්වා තිබුනේ  "සිංහලයා පැරදිය හැක්කේ සජිත්ට ජන්දය දුන්නොත් විතරයි" -"සුමන්තිරන් උතුරේ දෙමළ ජනතාවට කියයි " යනුවෙනි.

දින දින ජනතා අප්‍රසාදයට පත්වෙමින් මිනීමරු ආඥාදායක පාලනයක් වෙනුවෙන් කැසකවන රාජපක්ෂ කඳවුරේ මේ අපුල්ලන් සාවද්‍ය ප්‍රකාශ සිදුකර ඇත්තේ දකුණේ සිංහල ජනතාව යළිත් අන්දා බලය ඇල්ලීමට අවශ්‍ය ජාතික වෛරය වැපිරීම සඳහාය.

Capturew
මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ දෙමළ ජාතික සන්ධානයේ අදහස සජිත් වඩාත් සුදුසු අපේක්ෂකයා බව මිස සිංහලයන් පරාජය කිරීමක් ගැන කිසිඳු අවස්ථාවක ප්‍රකාශකර නොමැති බවය. එසේම නොබෙදුණු රටක් තුළ සාමකාමී විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරක් සම්බන්ධව මෙසේ අවලාද නැගීම කණගාටුවට කරුණක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එසේම මේ සම්බන්ධව පොලිස්පතිවරයා දැනුවත් කර වෛරී කථන (hate speech ) යටතේ ප්‍රකාශකයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න