තවත් රාජපක්ෂ ප්‍රෝඩාවක්  : ව්‍යාපාරිකයන්ට නොදන්වා කැම්පේන් එකට දාලා !

තවත් රාජපක්ෂ ප්‍රෝඩාවක්  : ව්‍යාපාරිකයන්ට නොදන්වා කැම්පේන් එකට දාලා !

"වී ස්ටෑන්ඩ් විත් ගෝඨා" යනුවෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දියත්කර ඇති ප්‍රචාරක ව්‍යාපෘතියත් තවත් රාජපක්ෂ ප්‍රෝඩාවක් බව මේ වන විට අනාවරණය වී ඇත.

ඊට ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන්නේ ලංකාවේ විශාලතම තේ අපනයනය කරන සමාගමක් වන ඩිල්මා සමාගමේ ( Dilmah ) හිමිකරු  වන සුප්‍රකට ව්‍යාපාරික මෙරිල් ජේ. ප්‍රනාන්දු යොදා "වී ස්ටෑන්ඩ් විත් ගෝඨා" යනුවෙන් නිර්මාණය කළ ප්‍රචාරක දැන්වීම එම සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති නිසාය.

ඒ බව සඳහන් කරමින් Dilmah සමාගම සිය නිල ට්වීටර් ගිණුමේ සටහනක් තබා ඇති අතර ඩිල්මා සමාගමේ හිමිකරු වන මෙරිල් ජේ. ප්‍රනාන්දු ගෝ තම සමාගම කිසිඳු දේශපාලන කඳවුරකට සහය නොදෙන බව එහි පැහැදිළිව සඳහන් කර ඇත. එසේම ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු ප්‍රධානීන් එම ව්‍යාපාරිකයාගේ ප්‍රතිරූපය ඒ සඳහා යොදාගෙන ඇත්තේ කිසිම අනුදැනුමකින් තොරව බවත් එයින් තහවුරු වෙයි.

IMG 20191113 WA0097
ඒ ගෝඨාභයට සහය දක්වන මිලිටරි විශ්‍රාමික නිලධාරීන් ඇතුළු රාජපක්ෂ පාලන සමයේ දුෂණ සහ අක්‍රමික චෝදනා ඇති නිලධාරීන් යොදවා පළමුව දියත්කර තිබූ මෙම "වී ස්ටෑන්ඩ් විත් ගෝඨා" නම් ප්‍රචාරක නාඩගම වෙත සුප්‍රකට ව්‍යාපාරිකයන් මේ අයුරින් යොදාගෙන ඇත්තේ පෙර කී  පාර්ශවයන් විවිධ චෝදනා සහ රාජපක්ෂ පවුලේ අන්තේවාසිකයන් බව රටම දන්නා නිසාය. 

ඒ අනුව දැනුම්දීමකින් තොරව සුප්‍රකට ව්‍යාපාරිකයන් මේ සඳහා යොදාගෙන ඇති අතර ඊට ගොදුරුවූ ඇතැම් පාර්ශව ඒ සම්බන්ධව තම විරෝධය දක්වා නැත්තේ රාජපක්ෂ පවුල් පාලනයක් වැරදීමකින් හෝ පැමිණියහොත් තම ව්‍යාපාර කරගෙන යාමට අවස්ථාව අහිමිවේ යන බිය නිසා බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න