මාධ්‍ය උපමානවලට බොහෝ මාධ්‍ය ගරු කළේ නෑ - මහින්ද

මාධ්‍ය උපමානවලට බොහෝ මාධ්‍ය ගරු කළේ නෑ - මහින්ද

මාධ්‍ය උපමානවලට බොහෝ මාධ්‍ය ගරු නොකළ බවත්, මේ නිසා ඡන්දය විමසීම අවසන් වූ පසු රාජ්‍ය මාධ්‍ය ආයතන තුනකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මාධ්‍ය ආයතන තුනෙන් දෙකක් විද්‍යුත් මාධ්‍ය ආයතන බවත්, මේ නිසා අද (14දා) සිට දින දෙකක කාලයක් ක්‍රියාත්මක වන නිහඬ කාලය තුළ හෝ මාධ්‍ය උපමානවලට අනුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

රාජ්‍ය විද්‍යුත් නාළිකා දෙක මාධ්‍ය උපමාන කඩකිරීමට අමතරව විධානද, කඩකර තිබෙන බවත්, ඡන්ද විමසීමෙන් පසු වෙන වෙනම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.

ඇතැම් මාධ්‍ය ආයතන සතුටුදායක ලෙස කටයුතු කළ බවත්, මාධ්‍ය උපමාන හා විධාන කඩකළ ආයතනවලට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳවද සලකා බැලීමට සිදුවන බවත් ඒ මහතා සඳහන් කළේය.

"මේ ඡන්දය විතර නරක විදිහට මාධ්‍ය හැසිරුණු වෙනත් ඡන්ද විමසීමක් තිබිලා නෑ. පසුගිය ඡන්ද විමසීම්වල අපිට පුළුවන්කම තිබුණා ගිහිල්ලා නවත්වන්න, මේක කරන්න එපා කියන්න. හැමෝම බලන් ඉන්නවා මේවාට විරුද්ධව මැතිවරණ කොමිසම කටයුතු කරනකම්. ඡන්දෙන් පස්සේ මේ මාධ්‍ය උපමාන කඩකළ අයට මොකද වෙන්නේ කියලා ජනතාව බලාගෙන ඉන්නවා.

මාධ්‍ය ආයතනවල හැසිරීම සම්බන්ධයෙන් හැමෝම එහාට අදිනවා. මෙහාට අදිනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට මේ බලපත්‍ර කඩදාසිවලට කොන්දේසියක් ඉදිරිපත් කරන්න කියලා. ඒ කොන්දේසි මාධ්‍ය උපමානවල අනුකූල නොවුණත් කමක් නැහැ.

එකදු අපේක්ෂකයෙකුට හෝ පක්ෂයකට විශේෂයෙන් කැපී පෙනෙන සැලකිල්ලක් මැතිවරණ සමයේදී නොදැක්විය යුතුය කියලා අපි කියනවා. අඩුම ගානේ මේ දවස් තුනෙදිවත් ධර්ම දේශන පැවැත්වීමයි, බණ දේශනා පැවැත්වීමයි, දේව මෙහෙයන් පැවැත්වීමයි, යාඥා කිරීමයි හරහා දේශපාලන කටයුතු කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න