කවුරු දිනුවත් ජනාධිපති එජාපයෙන් !

කවුරු දිනුවත් ජනාධිපති එජාපයෙන් !

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන වටි ඉදිරිපත් වී ඇති විශ්වසනීය බුද්ධි අංශ වාර්තා සහ සමීක්ෂණ වාර්තා අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බව තව දුරටත් රහසක් නොවේ.

එහෙයින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිරය. එහිදී 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු නිසැකය.

තත්වය මෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂට සහාය දෙන බොහෝ දෙනා තවමත් ප්‍රකාශ කරන්නේ ගෝඨාභය 70%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගන්නා බවයි. එය ඒ පාක්ෂිකයන්ගේ හිත නිවන කතාවක් වුවත් ගෝඨාභයට මෙරට ජනාධිපති වීමේ කිසිදු අවකාශයක් නොමැති බව සදහන් කළ හැකිය.

ඒ යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මැතිවරණයෙන් ජය ගත්හොත් ඔහුට ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට අවස්ථාවක් නොමැති වීමයි. එසේ අවස්ථාවක් නොමැති වන්නේ ගෝඨාභය රාපක්ෂ ඇමරිකාවේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසියෙක් වීම නිසාය. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී දූරයද අහිමි වූයේ මෙම ද්විත්ව පුරවැසි භාවය හේතුවෙනි. යම් හෙයකින් තමන් ඇමරිකාවේ පුරවැසි භාවය ඉවත් කරගත් බවට අධිකරණය හමුවේ ඔප්පු කර ගැනීමට නොහැකි වුව හොත් ඔහුට කිසි ලෙසකින්වත් ජනාධිපති ධූරයෙහි දිවුරුම් දීමට හැකි වන්නේ නැත.

එසේ වුවහොත් සිදු වන්නේ ව්‍යාවස්ථාවේ සදහන්ව ඇති පරිදි ජනාධිපතිධූරය අභියෝගයකට ලක් වුවහොත් අගමැතිවරයා එම තනතුර සදහා පත් වීමයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති දූරයට පත් වීමේ ඉඩකඩක් පවතින බව සිතිය හැකිය.

එහෙයින් සජිත් දිනුවද, ගෝඨාභට දිනුවද අවසානයේ ජනාධිපති වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් වීම අනිවාර්යය.

A.ධර්මසිරි 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න