ගෝඨාභය ඇමරිකන් පුරවැසියෙක් :ඔහුට ඡන්දය ඉල්ලන්න දීම වැරදියි -  අයිවන් !

ගෝඨාභය ඇමරිකන් පුරවැසියෙක් :ඔහුට ඡන්දය ඉල්ලන්න දීම වැරදියි -  අයිවන් !

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  වික්ටර් අයිවන් ඊයේ (14) තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ ගෝඨාභය තවමත් ඇමරිකන් පුරවැසියෙක් බවයි. 

එම සටහන පහතින්,
රාජ්‍යය හා එහි ආයතන ක්‍රමයේ

ඇතිවී තිබෙන කුනුවීම

ගෝටාබයගේ පුරවැසි ප්‍රශ්නය පිළිබදව ඇමරිකන් තානාපතිනිය කර තිබෙන ප්‍රකාශ්‍ය අනුව ගෝටාබය තවමත් විදිමත් ලෙස ඇමරිකන් පුරවැසි බාවය ඉවත් කරගෙන නැත.

නීතිය අනුව ජනාදිපති වරනයකට තරග කිරීමට තිබිය යුතු මූලික සුදුසු කමක් සපුරාගෙන නැති පුද්ගලයෙක් නාම යෝජනා ඉදිරිපත් කොට තරග කිරීමට ඉඩ ලැබීමෙන්ම රාජ්‍යයේ එහි ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන බිදවැටීමේ හා කුනුවීමේ තරම පෙන්නුම් කරයි. මේ වරද නිවරදි විය උතුව තිබුනේ ජනාදිපති වරනයට ප්සුව නොව ඉන් පෙරය.

එහෙත් රටේ පවතින ක්‍රමයට ඒ හැකියාව නොතිබුනේය.මෙම වරද නිවරදි කිරීමට රටට කෙබදු මිලක් ගෙවන්නට සිදුවේද? අවශ්‍ය මූලික සුදුසු කම් සම්පූරන කර ගැනීමෙන් තොරව ඔහු ජනාදිපති වරනයකට ඉදිරි පත් වූයේ ඇයි? ඔහු ගේ පක්ෂය ඊට ඉඩ දුන්නේ ඇයි?එවැනි පුද්ගලයෙකුට නාම යෝජනා බාරදී තරග කරන්නට ඉඩ ලැබුනේ කෙස්ද?ඒ මගින් අපේක්ෂකයා නීතිය උල්ලනගනය කර තිබෙනවා පමනක් නොව චන්ද දායකයින්ටද බලවත් වරදක් කර තිබෙන්නේය.

එම වැරැද්දට එම අපේක්ෂකයා,ඔහුට නාම යෝජනා ලබාදුන් පක්ෂය පමනක් නොව රටේ අයතන ක්‍රමයද වගකිවයුතුය.සුදුසු කම් තිබෙන පුද්ගලයින්ට පමනක් තරග කිරීමට ඉඩ ලැබෙන ක්‍රමයක් සහතික කිරීමට රාජ්‍ය හා එහි අයතන ක්‍රමයද අස්මත්ව තිබෙන්නේය.

පුනරුද ව්යේ‍යාපාර අපි ක්‍රමයේ වෙනසක් සදහා මහජන ව්වස්තා සම්පාදනයක් ඉල්ලා සිටින්නේ ක්‍රමයේ විව්හමය වෙනසක් ඇති කරගැනීමෙන් තොරව එක අඩියක් වත් එදිරියට යා නොහැකි තැනක ලන්කාව හිරවී සිටින නිසාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න