ගෝඨාභයගේ දිවුරුම්දීමට රනිලුත් යයි : ඇමතිවරුන්  පෝලිමට  ඉල්ලා අස්වෙයි !

ගෝඨාභයගේ දිවුරුම්දීමට රනිලුත් යයි : ඇමතිවරුන්  පෝලිමට  ඉල්ලා අස්වෙයි !

අභිනව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ අද (18) අනුරාධපුරේ දී දිවුරුම්දීමට නියමිත අතර එම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සහභාගී වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එසේම එම දිවුරුම්දීමේ අවස්ථාවෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට සූදානම් කර ඇති බවත් වාර්තා වෙයි.

එහිදී ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා කෙරෙනු ඇති බවත් දැනගන්නට තිබේ.

ඇමතිවරුන් ඉල්ලා අස්වෙයි !

මේ ආකාරයට අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පවත්වමින් සිටින අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කල අමාත්‍යවරුන් කිහිපදෙනකු මේ වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර ඇත.

මංගල සමරවීර , පාඨලී චම්පික රණවක , රුවන් විජයවර්ධන , මලික් සමරවික්‍රම , හරීන් ප්‍රනාන්දු , අජිත් පී පෙරේරා යන අමාත්‍යවරුන් ඒ අතර වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න