තව සභාග එපා - ගත්තා නම් කරලා පෙන්වන්න දෙන්න : එජාප බහුතර මතය මෙන්න !

තව සභාග එපා - ගත්තා නම් කරලා පෙන්වන්න දෙන්න : එජාප බහුතර මතය මෙන්න !

ජනමතයට හිස නවා වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලබාදිය යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කල අතර පැවති මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මහ මැතිවරණයක් කැඳවන තෙක් එජාප - සන්ධාන භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයෙන් විපක්ෂ නායකයා වෙත දැන්වීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත් වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මෙම සභාග ආණ්ඩු යෝජනාව සම්බන්ධව එජාප මන්ත්‍රී කණ්ඩායමට දන්වා ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්ය.

කෙසේ වුවත් වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ යෝජනාවට මෙන්ම සභාග ආණ්ඩු යෝජනාවට එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය විරෝධය දක්වා ඇති බවත් දැනගන්නට ඇත.

මන්ත්‍රී කණ්ඩායම් හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ එජාප මැති ඇමතිවරුන් ප්‍රසිද්ධියේ මේ සම්බන්ධව අදහස් දැක්වූ අතර හර්ෂණ රාජකරුණා, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, එස්.එම් . මරික්කාර්, හේෂා විතානගේ ඇතුළු මන්ත්‍රීවරුන් රැසක යෝජනාව වූයේ ජනමතය අනුව ජනාධිපති ගෝඨාභයට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදිය යුතු නමුත් වේලාසන මහ මැතිවරණයක් කැඳවීම කිසිසේත් අනුමත කල නොහැකි බවය.

එසේම 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මාර්තු මාසයට පෙර මහමැතිවරණයක් පැවැත්වීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අවශ්‍ය බවත් තමන් ඊට කිසිසේත් එකඟතාවක් නොදක්වන බවවත් ඔවුන්ගේ අදහස විය.

මෙහිදී එස්.එම් . මරික්කාර් මන්ත්‍රීවරයා පවසා සිටියේ ජනාධිපතිවරණය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය ආණ්ඩුවක් පිහිටුවීමට සහය දිය යුතු බවත් එළඹෙන මහ මැතිවරණයක් දක්වා ඇති මාස තුනක කාලයක්  තුල ඔහු ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරන බව හෝ සිදුකරන්නේ කුමක්ද යන්න පෙන්වීමට අවස්ථාව ලබාදිය යුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න