ජනපතිගේ දිව්රුම්ට ගිය එජාප මැති ඇමතිවරුන්ට 'හූ' සංග්‍රහයක්

ජනපතිගේ දිව්රුම්ට ගිය එජාප මැති ඇමතිවරුන්ට 'හූ' සංග්‍රහයක්

ශ්‍රී ලංකාවේ හත් වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඊයේ  (නොවැම්බර් 18) උදෑසන අනුරාධපුර රුවන්වැලි මහසෑය ඉදිරිපිටදී දිවුරුම් දුන් උත්සවයට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානින් පිරිසකට එම උත්සවයට පැමිණ සිටි ජනතාව විසින් 'හූ' කියමින් විරෝධය පලකර ඇත.

මෙම උත්සවයට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ ද සහභාගිව සිටි නමුත් ඔහුට කිසිඳු විරෝධයක් එල්ල වී නැත.

එජාප ඇමතිවරු පෝලිමේ!

මේ අතර නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සුබ පැතීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් විශාල වශයෙන් උත්සාහ දරමින් සිටින බව වාර්තාවේ.

දුරකථන ඇමතුම් ලබාදෙමින් සුබ පතන අය මෙන්ම මුණ ගැසී සුබ පැතීමට අවස්ථාව ඉල්ලා සිටින පුද්ගලයන්ද ඒ අතර සිටින බව පැවසේ.

දැනටමත් එජාප මැති ඇමතිවරුන් ප්‍රසිද්ධියේම නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරමින් සිටී.

'කිරි හැලියට ගොම දැමීමට' හිස්බුල්ලා අනුරාධපුර එයි

මේ අතර අද දින නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දෙන අවස්ථාවට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වූ ඒ. එච්.එම්. හිස්බුල්ලා සහභාගි වීම ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශගේ මෙහෙයවීම යටතේ පවත්වාගෙන යන වෙබ් අඩවියක් විසින් දැඩි ලෙස විවේචනය කර තිබේ.

''ස්වාධීන විද්වතුන්ගේ මතය වන්නේ අන්තවාදයට උදව් කළ හිස්බුල්ලාගේ එම පැමිණිම කිරි හැලියට ගොම බින්දුවක් දැම්මා හා සමානයි බවයි. '' එම වෙබ් වාර්තාවේ සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න