ගෝඨාභය ජනාධිපතිගේ මුල්ම අගමැති : රනිල් ද ? දිනේෂ් ද ? 

ගෝඨාභය ජනාධිපතිගේ මුල්ම අගමැති : රනිල් ද ? දිනේෂ් ද ? 

මාස කිහිපයකින් මහ මැතිවරණයක් පවත්වා අගමැති ධුර බාර ගන්නා තෙක් බාරකාර ආණ්ඩුවක අගමැති ධුරය බාර නොගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එසේම එක්සත් ජාතික පක්ෂයේ  'සජිත් පාර්ශවයේ ' බලපෑම මත රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්වන්නේ නම්, අගමැති ධුරය දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙත පැවරීමටත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තීරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම ආරංචිමාර්ගවලට අනුව මහින්ද රාජපක්ෂ එවැනි තීරණයක් ගෙන ඇත්තේ, නව ආණ්ඩුවක් සඳහා අමාත්‍යවරුන් පත්කිරීමේදී මේවනවිට බරපතල අර්බුදයක් මතුව තිබීමයි. ජනාධිපති ගෝඨාබයට සහය පලකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමාත්‍ය මණ්ඩලය සඳහා දැනටමත් මන්ත්‍රීවරුන් නවදෙනෙකුගේ (09) නම් ඉදිරිපත් කර ඇති අතර  'පොදුජන පෙරමුණ ' පක්ෂයට සහයදුන් ඒකාබද්ධ විපක්ෂයේ විශාල පිරිසක් ද අමාත්‍යධුර අපේක්ෂාවෙන් දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බවත් වාර්තා වෙයි.

කෙසේවුද දුෂණ චෝදනාවලට ලක්වූ හෝ ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරී ඇති කිසිවකුට අමාත්‍ය ධුර නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 'වියත්මඟ' ප්‍රබලයින් යෝජනා කර තිබීම තත්ත්වය තවදුරටත් සංකීර්ණ කර ඇත.

මේ අනුව මහ මැතිවරණයක් පවත්වන තෙක් අගමැති ධුරයේ කටයුතු කරන ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇති බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න