ඉහළින් නියෝගය එයි : පාන් මිල වෙනස් නොකෙරේ !

ඉහළින් නියෝගය එයි : පාන් මිල වෙනස් නොකෙරේ !

ඉහළින් ලද  ඉල්ලීමකට අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව ඉවත් කරගත් බව බේකරි හිමියන්  සඳහන් කරති.

රජයේ සහතික මිලට වඩා රුපියල් අටයි ශත විස්සක (8.20) මුදලකට තිරිඟු පිටි කිලෝවක් අලෙවි කිරීමට කටයුතු කිරීම නිසා ඊට සාපේක්‍ෂව ඊයේ (19) මධ්‍යම රාත්‍රී 12.00 සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගම් තීරණය කර තිබිණි.

එනමුත් තිරිඟු පිටි මිල ඉහළ දැමීම නීතිවිරෝධී ක්‍රියාවක් නිසා එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (19) පොරොන්දු වූ බවද එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

එම නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන ලෙසට පාරිභෝගික කටයුතු අධිකාරිය බේකරි හිමියන්ගේ සංගම්වලින් ඉල්ලීමක් කළ බවද ඔවුහු සඳහන් කරති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න