ගෝඨාගේ ඇමති මණ්ඩලය පිරිපහදුවේ : දූෂණ චෝදනා ඇත්නම් ඇමතිකම් නෑ !

ගෝඨාගේ ඇමති මණ්ඩලය පිරිපහදුවේ : දූෂණ චෝදනා ඇත්නම් ඇමතිකම් නෑ !

අධිකරණය හමුවේ දුෂණ චෝදනා එල්ලවී ඇති කිසිඳු පුද්ගලයකුට ආණ්ඩුවේ තනතුරු ලබා නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැති රනිල් වික්‍රමසිංහට හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට දැනුම් දී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීම මෙතෙක් පමාවී ඇත්තේ ද ඒ අනුව බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (19) වැඩභාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර  පත්කරනු ලැබිය.

එසේම, ජනාධිපතිවරයා විසින් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති එස්.ආර්. ආටිගල, මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබූ අතර විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව පවසන්නේ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු පත් කර ඇතැයි මීට පෙර පළවු වාර්තා නිවැරදි නොවන බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ එම තනතුර සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම පමණක් මෙම අවස්ථාවේදී සිදුකෙරෙමින් ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී ඇති බවයි. 

කෙසේ වුවත් මීට පෙර වාර්තා වූයේ  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස ඕෂධ සේනානායක පත් කර ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න