Language Switcher

V2025

රාජ්‍ය සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි

සියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය පරිදි නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

ජනාධිපතිවරයාගේ නියෝගය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරු , සියලුම පළාත් ලේකම්වරුන් සහ ආණ්ඩුකාර ලේකම්වරු වෙත ලිපියක් බැගින් දැනුම් දෙනු ලැබ ඇත.

මෙම තීරණය තමන් යටතේ ඇති ආයතනවල සියලු නිලධාරීන්ට දැනුම් දෙන්නැයි ද ජනාධිපති ලේකම්වරයා ඊයේ (19) යවා ඇති ලිපියෙන් උපදෙස් දී තිබේ.