ඇමතිකමක් නැතුව ගම්මන්පිල හඬා වැටෙයි : ඇමතිවරුන්ට ගෝඨාභය දුන්න ගයිඩ්ලයින් මෙන්න !

ඇමතිකමක් නැතුව ගම්මන්පිල හඬා වැටෙයි : ඇමතිවරුන්ට ගෝඨාභය දුන්න ගයිඩ්ලයින් මෙන්න !

අන්තර්වාර ආණ්ඩුවේ අමාත්‍යධුර 15 අතර පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිලගේ නම නොමැතිවීම හේතුවෙන් ඔහු මැසිවිලි නඟමින් ඉතා කණගාටුවෙන් පසුවන බව වාර්තා වෙයි.

තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට කළ මෙහෙය පමණක් නොව ජනාධිපති කරවීමට දැක්වූ කැපවීමත් කියමින් ඔහු තම හිතවත් දේශපාලනඥයන් වෙත සිය දුක කියමින් සිටින බවත් වාර්තා වෙයි.එහිදී ඔවුන් පවසා ඇත්තේද මහ මැතිවරණය තෙක් ඉවසීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් කල කී දේ ගැන කියවීම අහිතකර බවයි.

අලුත් ඇමතිලාට ගෝඨාභය ගෙන් අලුත් ගයිඩ් ලයින් !

මේ අතර අන්තර්වාර ආණ්ඩුවට  පත්වන ඇමැතිවරුන් ජනාධිපතිවරණයේදී තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු පමණක් ඉටු කිරීමට කැපවිය යුතු බව ජනාධිපති ගෝඨාභය අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

ඇමැතිවරුන් 15 දෙනකුගෙන් යුත් භාරකාර රජය මහ මැතිවරණය පවත්වන තුරු ක්‍රියාත්මක වීමට නියමිත අතර භාරකාර රජයේ ඇමැතිවරුන් මෙම කෙටි කාලය ඇතුළත රැකියා ලබාදීමෙන් වැළකිය යුතු බවද ජනාධිපති දන්වා ඇති බවත් වාර්තා වෙයි.

මහ මැතිවරණය ඉලක්ක කරමින්, මනාප ලබාගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන්ද ඇමැතිවරුන් වැළකී සිටිය යුතු බවත් මාර්තු මාසයේ මහ මැතිවරණය පැවැත්වෙන අතර ඒ වන විට ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක කළ හැකි යෝජනා ක්‍රියාත්මක කිරීමද ජනාධිපතිවරයාගේ අදහස වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමේ මෙහෙයුමේ ප්‍රධානියකු වූ දිලිත් ජයවීර සතු අරුණ වෙබ් අඩවියත් වාර්තා කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න