එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න රනිල් සූදානම් !

එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න රනිල් සූදානම් !

එජාප නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණ දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වාර්තා කරයි. එජාප නායකයා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ ඇත්තේ ඔහුගේ බිරිඳවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ බලවත් ඉල්ලීම මත බව ද පැවසේ.

මේ අතර ඊයේ (25) 'සිරිකොත' එජාප මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ එජාප මහ ලේකම්, අකිල විරාජ් කාරියවසම් ද පැවසුයේ, රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවයි.

තවදුරටත් පක්ෂයේ තනතුරු වල රැඳී සිටිමින් පක්ෂයේ අර්බුදයක් ඇති කිරීමට නොව බහුතර මතයට කන්දී එම තනතුරුවලින් ඉවත් ඉවත්වීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ පවසා ඇති බව එජාප මහලේකම් මහලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි ඉදිරි දිනකදී ඔහු එම තනතුරුවලින් ඉවත් වීමට නියමිත බව අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසිය.

නායක, විපක්ෂනායක දෙකම සජිත්ට !

මේ අතර ඉරිදා (24) රාත්‍රී කොළඹ 'ස්විමිං ක්ලබ්'හි පැවති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී පක්ෂයේ නායකත්වය මෙන්ම විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස වෙත ලබාදිය යුතු බවට යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස නායකත්වයට පත්වන්නේ නම් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක ද එක්සත් ජාතික පක්ෂයට එක්වීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තාවේ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න