උපයනවිට ගෙවීම් ආදායම් බද්ද ඇතුළු බදු වර්ග කිහිපයක් අහෝසි කෙරේ

උපයනවිට ගෙවීම් ආදායම් බද්ද ඇතුළු බදු වර්ග කිහිපයක් අහෝසි කෙරේ

උපයන විට ගෙවීමේ බද්ද ඉවත් කිරීම, වැට් බද්ද අඩු කිරීම ඇතුළු බදු සහන ගණනාවක් රජය අද නිවේදනය කළේ ය.

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දුද සැලකිල්ලට ගනිමින් නව සහන වැඩ පිළිවෙළක් එහිදී අනුමත කර ඇති අතර සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ හා බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරු අද එම සහන නිවේදනය කළහ.

මේ අනුව ගෘහස්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදන මත පනවා ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.

ආර්ථික සේවා ගාස්තු , බැංකු හා මූල්‍ය ආයතන මත පැනවෙන හර බද්ද හා කොටස් වෙළදපොළ මත පැනවෙන ප්‍රාග්ධන ලාභ මත වන බද්ද අහොසි කර තිබේ.

උපයන විට ගෙවීමේ ආදායම් බද්ද හා ණය සේවා බද්ද ඉවත් කිරීමට ද අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

සියලු භාණ්ඩ හා සේවා මත අයවන වැට් බදු හා ජාතිය ගොඩනැගීමේ බදු , ඒකාබද්ධ කර බදු ප්‍රතිශතය අඩු කිරීමට ද තීරණය කර ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද නිවේදනය කළේය.

මේ අතර පුණ්‍යායතන හා ආගමික ස්ථාන සියලු බදුවලින් ඉවත් කිරීමට තීරණ කර තිබේ.

විදේශගත ශ්‍රී ලාංකිකයින් උපයන මුදල් සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීම නව බදු සංශෝධනවලට ඇතුළත් ය.

තවද, විදුලි සංදේශ බද්ද 25% කින් පහත දැමීමට ද තීරණය කර තිබේ.

බදු සංශෝධන හරහා අහිමි වන ආදායම උපයා ගන්නා ආකාරයද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න