වීරවංශට එරෙහි නඩුව ජනවාරි 27 කැඳවයි

වීරවංශට එරෙහි නඩුව ජනවාරි 27 කැඳවයි

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදි සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවක සිටි බවට චෝදනා ලැබු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩුවේ විභාගය ලබන වසරේ ජනවාරි මස 27 වැනිදා පැවැත්විමට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (27) නියම කළේය.

2009 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි හතහමාරකට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බවට චෝදනා කරමින් පවරා ඇති මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී කැබිනට් රැස්වීමට සහභාගී වන බව පවසමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් නඩුව කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය.

2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යනුකූල වත්කම් හා ලැබීවලින් උපයාගත නොහැකි රුපියල් 74,480,017 මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ අධිචෝදනා පත්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලු විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ ජනවාරී මස 27 වැනිදා කැඳවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුනේත්රාව ජයසිංහ මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පෙනී සිටියාය. විත්තිකරු වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න