යුද සමයේ මිය ගිය මහවිරුවන්ගේ නම් ලැයිස්තුවක් නල්ලූර්හි ප්‍රදර්ශනයට

යුද සමයේ මිය ගිය මහවිරුවන්ගේ නම් ලැයිස්තුවක් නල්ලූර්හි ප්‍රදර්ශනයට

අදට (27) යෙදි ඇති මහවිරු දිනය නිමිත්තෙන්  යුද සමයේදී මියගිය 25,000කගේ පමණ නම් ලැයිස්තුවක් යාපනය නල්ලූර් ප්‍රදේශයේදී ජනතාවට දැකබලා ගැනීම සඳහා ප්‍රදර්ශනය කොට තිබේ.

ඊයේ (26) රාත්‍රියේද මෙම නම් ලැයිස්තුව නල්ලූර් ප්‍රදේශයේ ප්‍රදර්ශනය කෙරුණු අතර, අදාළ ලැයිස්තුවේ තම මියගිය දරු මුණුබුරන්ගේ නම් තිබේද යන්න දැනගැනීමට සිවිල් වැසියන් ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා එහි පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

ඇතැමුන් මියගිය තම ඥාතීන් වෙනුවෙන් පහන් දැල්වීමද එහිදී සිදු කර ඇත.

අදාළ නම් ලැයිස්තුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතික පුෂ්පය වශයෙන් සකලනු ලැබූ නියඟලා මල පමණක් ප්‍රදර්ශනය කොටඇති අතර, එම සංවිධානයේ ලාංඡනය හෝ පුද්ගල ඡායාරූපය කිසිවක් ප්‍රදර්ශනය කොට නොතිබිණි.

මෙරට තහනම් ත්‍රස්ත සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානය කිසියම් නීතිවිරෝධී සැමරීමක් සිදුකරන්නේද යන්න පිළිබඳ උතුරේ ආරක්ෂක අංශ සීරුවෙන් සිටින අතර, එවැනි සැමරිම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරිමටද ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ.

image 4556a1009e

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න