නව රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙයි

නව රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙයි

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් තුන්දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද(27) දිවුරුම් දුන්හ.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබූ අතර, වාසුදේව නානායක්කාර මහතා පත්කෙරුණේ ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය. නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ගාමිණී ලොකුගේ මහතායි.

වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ මහින්ද යාපා අබේවර්ධන මහතාය. එස් බී දිසානායක මහතා ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබූ අතර ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවරුම් දෙනු ලැබීය.

මහින්ද සමරසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද සී බී රත්නායක මහතා දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ.

සුසන්ත පුංචි නිලමේ මහතා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, අනුර ප්‍රියදර්ශන යාපා මහතා දිවුරුම් දුන්නේ අභ්‍යන්තර වෙළෙද සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ප්‍රියංකර ජයරත්න මහතා දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්හ.

රංජිත් සියඹලාපිටිය මහතා අධ්‍යාපන රාජ්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවුරුම් දෙනු ලැබුවේ විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය.

දුමින්ද දිසානායක මහතා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, රෝහිත අබේගුණවර්ධන මහතා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දයාසිරි ජයසේකර මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන් අතර ලසන්ත අලගියවන්න මහතා දිවුරුම් දෙනු ලැබුවේ රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අරුන්දික ප්‍රනාන්දු මහතා සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් තිලංග සුමතිපාල මහතා තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබීය.
මොහාන් ද සිල්වා මහතා දිවුරුම් දෙනු ලැබුවේ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය‍.

විජිත බේරුගොඩ මහතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රොෂාන් රණසිංහ මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ. ජානක වක්කුඹුරු මහතා දිවුරුම් දෙනු ලැබුවේ අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විදුර වික්‍රමනායක මහතාත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ෂෙහාන් සේමසිංහ මහතාත් දිවුරුම් දෙනු ලැබුවා. කණක හේරත් මහතා දිවුරුම් දුන්නේ වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන සේවා කළමනාකරන රාජ්‍ය අමාත්‍ය ධුරයේ ද ලොහාන් රත්වත්තේ මහතා මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ ද දිවුරුම් දුන්හ.

විමලවීර දිසානායක මහතා වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර ජයන්ත සමරවීර මහතා දිවුරුම් දුන්නේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සනත් නිශාන්ත පෙරේරා මහතා ධිවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු අතර තාරක බාලසූරිය මහතා පත්කෙරුණේ සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

නියෝජ්‍ය අමාත්‍යවරුන් තුන් දෙදෙනකුද ජනාධිපති ඉදිරියේ අද (27) දිවුරුම් දෙනු ලැබීය. ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ නිමල් ලංසා මහතායි. කංචන විජේසේකර මහතා ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ඉන්දික අනුරුද්ධ මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න