වාස්ගේ අභියාචන පෙත්සම් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් යයි

වාස්ගේ අභියාචන පෙත්සම් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් යයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 06 දෙනා විසින් ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම් විභාගය අවසන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබන ලදී.

බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සම්බන්ධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මෙම සැකකරුවන් මරණ දඬුවම නියමව සිටී.

එම විශේෂ අභියාචන පෙත්සම් ලබන සැප්තැම්බර් 18 වැනිදා සිට දින කිහිපයක් තිස්සේ එක දිගට විභාගයට ගැණුන අතර එම නඩුවේ විභාගය ඊයේ අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග කළේය.

මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත් කර ,තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් සිසිර ද ආබෲ , ප‍්‍රියන්ත ජයවර්ධන , ප‍්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් වන බවත්, එබැවින් අදාළ දඬුවමින් තමන් මුදා හරින්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක ලක්මිණි ඉන්දික බමුණුසිංහ, පොලිස් සැරයන් ගාමිණී අතපත්තු සරත්චන්ද්‍ර ,පොලිස් කොස්තාපල්වරුන් වන ආනන්ද ප‍්‍රියන්ත සංජීව ,කැලූම් රංග දිසානායක යන පෙත්සම්කාර චූදිතයින් සිය අභියාචන පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතීපතිවරයා නම් කරනු ලැබ තිබිණි.

2013 අපේ‍්‍රල් මස 4 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේදී කොළමදී මොහොමඞ් ෆවුස්ඞීන් සහ ක‍්‍රිෂාන්ත කොරළගේ නැමැත්තන් සමඟ එක්ව මොහොමඞ් අහමදීන් මොහොමඞ් සියාම් නැමැත්තා මරා දැමීමට කුමන්ත‍්‍රණය කරන ලදැයි මෙම සියලූම විත්තිකරුවන්ට එරෙහිව නීතිපති අධි චෝදනා නඟා තිබිණි.

තවද මොහොමඩ් සියාම් නැමැත්තා පැහැරගෙන ලොස් දොම්පේ ප‍්‍රදේශයේදී ඝාතනය කරන ලදැයි 2 සිට 6 දක්වා විත්තිකරුවන්ට එරෙහිවද , ඒ සඳහා ඔවුන් ආධාර අනුබල ලබා දෙන ලදැයි වාස් ගුණවර්ධන මහතාට එරෙහිව 2014.04.17 වැනිදා නීතිපති අධිචෝදනා ගොනු කර තිබිණි.

ලංකාදීප

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න