දේශපාලනිකව අනාවරණය වන පුද්ගලයින් ගැන වෙබ් අඩවියක්

දේශපාලනිකව අනාවරණය වන පුද්ගලයින් ගැන වෙබ් අඩවියක්

දේශපාලනිකව අනාවරණය වී ඇති පුද්ගලයින් පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සකස්කළ අන්තර් ජාලීය තොරතුරු ලේඛනය අද (26) දියත් කරනු ලැබීය.

www.peps.lk වෙබ් අඩවිය හරහා මෙම තොරතුරු ලේඛනයට පිවිසිය හැකිය.

මෙරට දේශපාලනයේ සංකිර්ණතා පිළිබිඹු කරන වැදගත් මෙවලමක් ලෙස මෙම ලේඛනය භාවිතාවනු ඇතැයි තම ආයතනය විශ්වාස කරන්නේ යැයි නිපෝන් හෝටලයේ අද (26) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාර මහේෂි හේරත් මහත්මිය පැවසුවාය.

දේශපාලනිකව අනාවරණය වූ පුද්ගලයෙක් යන්න මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධක බලකාය විසින් නිර්වචනය කර ඇත්තේ රටේ ප්‍රමුඛතම මහජන කාර්යයන් භාරදී ඇති පුද්ගලයෙක් ලෙසින් යැයි කී හේරත් මහත්මිය ඔවුන් හොබවන තනතුරු හා ඔවුන්ට සිදුකළ යැකි බලපෑම හේතුවෙන් බොහොමයක් දේශපාලනිකව අනාවරණය වන පුද්ගලයන්ගේ තනතුරු දූෂණය හා මුදල් විශුද්ධිකරණය වැනි ක්‍රියාවන් සඳහා අවභාවිතා වීමේ නැඹුරුතාවයක් පවතින බව හඳුනාගෙන ඇතැයි ද කීවාය.

මෙම දත්ත ලේඛනයේ පුද්ගලයින් හා ආයතන 2323 කගේ තොරතුරු ඇතුළත් වන අතර දේශපානඥයින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, හමුදා නිලධාරින් විනිසුරුවන් හා රාජ්‍ය ව්‍යවසායන්හි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරින් ද ඒ අතර වන බව ද ඇය කීවාය.

කෙසේ වෙතත් මෙම දත්ත ගබඩාවෙන් අදහස් වන්නේ එහි සියලු දෙනා වැරදි ක්‍රියාවන්හි නිරත වන බව නොවන්නේ යැයි ද ඔවුන් ප්‍රමුඛ රාජ්‍ය සේවයේ පිළිඹිබුවක් වන බව යැයි පැවසූ ඇය මෙහිදී මහජනතාවට ඔවුන් පිළිබඳ දැඩි අධීක්ෂණයක් සිදුකිරීමට හැකියාව ඇති බව ද සඳහන් කළාය.

මෙම තොරතුරු ජනතාව හමුවේ තැබුවේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කළ ඉල්ලුම්පත් 88 ක් යොමුකිරීම හරහා ලබාගත් තොරතුරු මගින් වන අතර රාජ්‍ය ව්‍යවසායයන් ජාලය හඳුනා සිතියම් ගතකර ඒවායේ විධායක නිලධාරින් සහ උපව්‍යුහයන් හඳුනාගන්නා එකම දත්ත ගබඩාවද මෙය වන බව ද හේරත් මහත්මිය කීවාය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනි ලක්ෂ්මී ජයශංඛර් මහත්මිය ද මෙහි දී අදහස් දැක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න