2020 වසර සඳහා පාසල් දරුවන්ට නිළ ඇඳුම් කෝ?

2020 වසර සඳහා පාසල් දරුවන්ට නිළ ඇඳුම් කෝ?

2020 වසර සඳහා පාසල් දරුවන්ට නිළ ඇඳුම් ලබාදීමේ ව්‍යාකූල තත්වයට නව අධ්‍යාපන අමාත්‍යවරයා කඩිනම් පියවරක් ගත යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

ඒ පිලිබද එම සංගමය නව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිඛිත ඉල්ලීමක් ද කර ඇති බවද වාර්තා වෙයි.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වන එම සංගමය පවසනුයේ,

‘‘ලක්ෂ 43 ක් පමණ වන පාසල් දරුවන් සඳහා නිළ ඇඳුම් රෙදි ලබාදීම සෑම වසරකම පාසල් වාර අවසානයට කලින් සිදු වුවත් 2020 වසර සඳහා මේ දක්වා නිළ ඇඳුම් ලබාදීමේ කටයුතු කි‍්‍රයාත්මක කර නැත. 2019 වසරේ තෙවන පාසල් වාරය මේ වන විට අවසන් වෙමින් පවතින අතර 2019.11.29 දින පාසල් නිවාඩු ලබාදීමට නියමිතය. මේ වන විට පාසල්වලට පාසල් දරුවන්ගේ නිළ ඇඳුම් ලැබී තිබිය යුතු වුවත්, ඒ සම්බන්ධව නියමිත කාලරාමුව තුළ බලධාරීන් කටයුතු නොකිරීම නිසා එම නිළ ඇඳුම් මේ දක්වා ලැබී නැත. ජාතික අයවැය මගින් පාසල් නිළ ඇඳුම් රෙදි ලබාදීම සඳහා රුපියල් මිලියන 2700 ක් පමණ වෙන් කර තිබියදීත් මෙසේ දරුවන්ට නිළ ඇඳුම් රෙදි නියමිත වේලාවට නොලැබීම කනගාටුදායක තත්වයකි.

2020 වසරේ නව පාසල් වාරය සඳහා නිළ ඇඳුම් සකස් කර ගැනීම පාසල් නිවාඩු කාලයේ සිදුවිය යුතු වුවත් නිළ ඇඳුම් රෙදි ලැබී නොතිබීම හේතුවෙන් මෙවර නව පාසල් වාරයට දරුවන්ට නව නිළ ඇඳුම් කට්ටලය අහිමි වන තත්වයක් උද්ගත වී ඇත.

පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් මතු වී ඇති ව්‍යාකූලතාවය පෙන්වා දෙමින් කඩිනමින් නිල ඇඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස නව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ලංකා ගුරු සංගමය ලිඛිතව ඉල්ලීමක් කර ඇත.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න